Dora Kawulu Wiwara Karana Song Lyrics - දොර කවුළු විවර කරන ගීතයේ පද පෙළ

Dora Kawulu Wiwara Karana Song Lyrics - දොර කවුළු විවර කරන ගීතයේ පද පෙළ
Song Title : Dora Kawulu Wiwara Karana (දොර කවුළු විවර කරන)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක


දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමාවා
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ
රෑ ඝණ අඳුර ඔබේ සිහින මසිත සදාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ

හද පෑරී රිදුම් දිදී
තෙමා වැටෙන විට සළු පිළි
විෂ හී සර පහර වැදී
දවා නැඟෙන විට සෝ ගිනි
සීත ගඟුලක් වී මා දොවමින් ගලාවා

දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමාවා
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ
රෑ ඝණ අඳුර ඔබේ සිහින මසිත සදාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ

බියකරු දිවි සටන් බිමේ
පිළිරැව් දෙන විට රණ ගොස
තනිවී දිවි සොහොන් බිමේ
මළපොත ගෙන පෙරළන විට
මාල ගිරවෙක් වී මා නිවමින් ගයාවා

දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමාවා
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ
රෑ ඝණ අඳුර ඔබේ සිහින මසිත සදාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dora Kawulu Wiwara Karana Song Lyrics - දොර කවුළු විවර කරන ගීතයේ පද පෙළ Dora Kawulu Wiwara Karana Song Lyrics - දොර කවුළු විවර කරන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2022 Rating: 5

0 comments:

Post a Comment