Bath Kanawa Neveyi Song Lyrics - බත් කනවා නෙවෙයි ගීතයේ පද පෙළ

Bath Kanawa Neveyi Song Lyrics - බත් කනවා නෙවෙයි ගීතයේ පද පෙළ
Song Title : Bath Kanawa Neveyi (බත් කනවා නෙවෙයි)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ


බත් කනවා නෙවෙයි අපි අත් ලෙවකනවා
බත් ඇට ගානට ම ගල් කැට ඇහිඳිනවා
හොද්දේ මාළු අල්ලන්නට පොරකනවා
සුදුමැලි මාළු පොල්කුඩු යට හැංගෙනවා
සුදුමැලි මාළු පොල්කුඩු යට හැංගෙනවා

රෑ තිස් පැයේ මකුණෝ පෙරහැර යනවා
මදුරු රෑන සංගීතය සපයනවා
රට අඹ ලෑලි ඇඳ උඩ හොඳ කල යනවා
නිදියනවා නෙවෙයි අපි ලේ දන් දෙනවා

පඩි පත ලැබුණු දවසට අපි රජුන් වගෙයි
බෝඩිං මාස්ටර දෙවියන් බුදුන් වගෙයි
පඩි පත හිඳෙන කොට අපි ගැරඬියන් වගෙයි
බෝඩිං මාස්ටර වෙසමුනි රජුන් වගෙයි
බෝඩිං මාස්ටර වෙසමුනි රජුන් වගෙයි

යන එන මං නැතිව අගු පිල්වල ලගිමූ
සොච්චං වැටුප බෝඩිම තුළ දිය කරමූ
රජුන් ඇමතියන් හට බැණ අඬගසමූ
උන්ගේ මව්වරුන් නිති සිහිපත් කරමූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bath Kanawa Neveyi Song Lyrics - බත් කනවා නෙවෙයි ගීතයේ පද පෙළ Bath Kanawa Neveyi Song Lyrics - බත් කනවා නෙවෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment