Bamuna Wunath Song Lyrics - බමුණා වුණත් ගීතයේ පද පෙළ

Bamuna Wunath Song Lyrics - බමුණා වුණත් ගීතයේ පද පෙළ
Song Title : Bamuna Wunath (බමුණා වුණත්)
ගායනය : විශාරද නන්දා මාලනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ
"පවන" ගී සරණියේ ගීයකි.


බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු

රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bamuna Wunath Song Lyrics - බමුණා වුණත් ගීතයේ පද පෙළ Bamuna Wunath Song Lyrics - බමුණා වුණත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment