ඉඩම් හිමියෙකුට එරෙහිව ඇරඹි ලොව ප්‍රථම වර්ජනය (The World's First Strike Against A Sandowner)

ඉඩම් හිමියෙකුට එරෙහිව ඇරඹි ලොව ප්‍රථම වර්ජනය (The World's First Strike Against A Sandowner) - Your Choice Way

වර්ජන යනු ශ්‍රී ලාංකික අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. වර්ජනයක් ලෙස සරලවම හැඳින්වෙන්නේ කිසියම් රටකට, සමාජ කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට එරෙහිව ප්‍රකාශ කරන තහනමකි. එහිදී මෙයට අදාළ පාර්ශවය සමඟ පවත්වන සියලුම සම්බන්ධතා ප්‍රතික්ෂේප කිරීම සිදු වේ.

වර්ජනයන් සම්බන්ධ ඉතිහාසය දෙස හැරී බැලීමේදී ලොව ප්‍රථම වර්ජනය ලෙස හැඳින්වෙන්නේ චාර්ල්ස් කනිංහැම් බෝයිකොට් (1832–1897) නම් අයර්ලන්ත ඉඩම් හිමියෙකු ට එරෙහිව ඔහුගේ වතුයායේ සේවය කළ ගොවීන් සංවිධානය කළ වර්ජනයයි.

1832 මාර්තු මාසයේදී එංගලන්තයේ නොර්ෆොක්හිදී චාර්ල්ස් කනිංහැම් බෝයිකොට් උපත ලැබීය. මෙම කුඩා දරුවාගේ නාමය පසුව ඉතිහාසයේ බහුලව භාවිතා වන වචනයක් බවට පත් වේ යැයි එදින කිසිවෙකු හෝ සිහිනෙන් වත් නොසිතන්න ඇත. කුඩා කාලයේදී චාල්ස් කනිංහැම් බෝයිකොට් හමුදා ජීවිතයට විශාල ලෙස ආදරය කරන ලදී. එබැවින් ඔහු තුළ තිබූ මේ ආශාව නිසා ඔහු 1848 දී හමුදා ඇකඩමියට ඇතුළත් වීමට තීරණය කරන ලදී. එහෙත් ඉන් වසරකට පසුව ඔහු එහි තිබූ විභාගයකින් අසමත් වීම නිසා ඉන් නෙරපා හරින ලදී.

එහෙත්  ඔහුගේ පවුලේ පිරිස එකල ඉතා ධනවතුන් විය. මේ නිසා මුදල් වල බලයෙන් විභාගය අසමත් වුවද 39 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස පත් වීමට ඔහුට හැකි විය. හමුදාවට පත් වීමෙන් අනතුරුව ඔහු රාජකාරි සදහා ප්‍රථමයෙන් අයර්ලන්තයේ බෙල්ෆාස්ට් වෙතට ගිය අතර ඉන් පසුව ඔහුට අයර්ලන්තයේ ඩබ්ලින් වෙත යාමට සිදු විය. ඩබ්ලින් වලදී බෝයිකොට්ගේ දිවියේ සුවිශේෂී සිදු වීමක් සිදු විය. එනම් ඔහු එහිදී විවාහ විය.

එහෙත් 1852 වන විට ඔහුට හමුදා දිවියෙන් ඉවත් වන ලෙසට විවිධ බලපෑම් එල්ල විය. එම නිසා ඔහු සිය හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා ලදී. එහෙත් ඔහු යළිත් එංගලන්තයට නොගොස් දිගටම අයර්ලන්තයේම රැඳී සිටින ලදී. හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව චාල්ස් බෝයිකොට් අක්කර 40,000 කට වඩා වැඩි ඉඩමක් හිමි ජෝන් ක්‍රික්ටන් නම් පුද්ගලයාගේ නියෝජිතයෙකු බවට පත්විය. ඒ අනුව ඔහුට බලාගැනීම සඳහා අක්කර 629 ක ඉඩමක් සහිත ගොවිපලක්ද, තවත් ඉඩම් රාශියක් මෙන්ම පැරණි මාළිගයක් ද හිමි විය.

බෝයිකොට් විසින් බලාගත් ප්‍රදේශය හැඳින්වූයේ ලෝෆ් මාස්ක් යනුවෙනි. එහිදී බෝයිකොට්ගේ කාර්යභාරය වූයේ ලබා දෙන ලද ඉඩම සහ එහි වැඩ කරන ලද ගොවීන්ගේ කාර්යයන් අධික්ෂනයයි. මේ ගොවියන් වැඩ කළේ කුලී පදනම මතය. එනම් ඔවුන්ගේ අස්වැන්නෙන් ලද මුදල් වලින් කොටසක් ඔවුන් ඉඩම් හිමියාට ගෙවිය යුතු විය. බෝයිකොට්ගේ තවත් කාර්යභාරයක් වූයේ අදාල මුදල් ගොවියන්ගෙන් එකතු කර ගැනීමයි. එහෙත් හමුදා පරිසරයක සිය දිවි ගෙවා ඇති බෝයිකොට් ගොවියන්ට ඉතා දැඩි නීති පැනවූ අතර ඉතා කුරිරු ලෙස සිය පාලනය ගෙන ගියහ.

1879 දී කෘෂිකර්මාන්තයේ අර්බුදයක් ඇති වන තෙක් සියල්ල හොඳින් සිදුවිය. එහෙත් 1879 දී ඇති වූ මහා සාගතයත් සමඟ සියල්ල නරක අතට හැරුණි. මෙම නිසා ගොවීන් ඔවුන්ගෙන් එකතු කර ගන්නා මුදල් ප්‍රමාණය අඩු කර ගන්නා ලෙස ඉඩම් හිමියන්ගෙන් ඉල්ලීම් කරන ලදී. එහෙත් බොහෝ ඉඩම් හිමියන් මෙය ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව දේශපාලන ක්‍රියාකාරීන් වූ චාල්ස් ස්ටුවර්ට් පර්නෙල් සහ මයිකල් ඩේවිට්ගේ නායකත්වයෙන් යුතුව, කම්කරුවෝ එම වසරේදී "අයර්ලන්ත ලෑන්ඩ් ලීගය" නමින් සංවිධානයක් නිර්මාණය කර ගන්නා ලදී.

1880 දී ඔවුන් බෝයිකොට්ගෙන්ද ලබා ගන්නා මුදල අඩු කරන ලෙස ඉල්ලා සිටියහ.  කෙසේ වෙතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මේ හේතුව නිසා පර්නෙල් සහ ඩේවිට්ගේ නායක්ත්වයෙන් යුතු සංවිධානය ගොවියන්ට පවසා සිටියේ බෝයිකොට්ගේ කිසිදු වැඩකට සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙසයි. ඔවුන්ට අමතරව එම ගමේ පල්ලිය ද ගම් වැසියන්ට බෝයිකොට්ගේ ඉඩම් වල වැඩ වලට සහභාගී නොවන ලෙස දැනුවත් කර සිටින ලදී. 

අයර්ලන්ත ලෑන්ඩ් ලීගය වැඩි දුරටත්  බොයිකොට්ගේ සේවකයින්ට පවසා සිටියේ වැඩ නොකර සිටීමට අමතරව ඔහුව හුදකලා කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කරන ලෙසටය. ඉන් පසු ඔවුන් තවදුරටත් එම ඉඩමෙහි වැඩ කළේ නැත, ඔහු සමඟ කිසිසේත් කතා කළේ ද නැත, අඩුම තරමේ පල්ලියේදී ඔහු අසල වාඩි වූයේද නැත. 

ප්‍රදේශවාසීන් සමඟ පැවති රැස්වීමකදී චාල්ස් පර්නෙල්,  කුමක් කළ යුතු දැයි විමසූ අතර සියලු දෙනාම ඔහු මරා දමන ලෙස ඉල්ලා සිටින ලදී. එහෙත් පර්නෙල් එය ප්‍රතික්ෂේප කරන ලද අතර ඔහු පවසා සිටියේ එය තම දහම අනුව නොගැලපෙන දෙයක් බවත් ඔහුට යළි අවස්ථාවක් ලබා දිය යුතු බවත්ය.

බෝයිකොට්ට එරෙහි සමස්ත විරෝධී ව්‍යාපාරයම මාධ්‍යවේදියෙකු මෙන්ම වහල් විරෝධී ක්‍රියාකාරියෙකු ද වන ජේම්ස් රෙඩ්පාත් විසින් ලේඛනගත කරන ලදී. එහෙත් ඒ වන තෙක් මෙවැනි ආකාරයේ සිදු වීමක් සිදු වී නොතිබූ නිසා ඉංග්‍රීසි භාෂාවේ මෙවැනි ආකාරයේ සිදු වීමක් හදුන්වන වචනයක් නොවීය. පසුව ජේම්ස් රෙඩ්පාත් විසින් මේ පිළිබඳව පල්ලියෙන් විමසා සිටි අතර පියතුමා මෙම සිදු වීමට මුල් වූ පුද්ගලයා වන චාර්ල්ස් කනිංහැම් බෝයිකොට්ගේ නම සිහි වන ලෙස එම ව්‍යාපාරය "boycott" (වර්ජනය) ලෙස හදුන්වන ලෙස පැවසීය. අද දක්වාම ඉංග්‍රීසි බසින් වර්ජනය හඳුන්වන්නේ එලෙසය.

එතැන් සිට ලොව පුරා වර්ජනයන් වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතී. ජනප්‍රිය වෙළඳ නාම ඔවුන්ගේ නිර්මාණකරුවන්ගේ නම ගන්නා ආකාරය අපි නිතර දකින්නෙමු. එහෙත් මෙවැනි ආකාරයේ කෙනෙකුගේ නමක් ක්‍රියා පදයක් ලෙස හදුන්වන ආකාරය අප දකින්නේ ඉතාම කලාතුරකිනි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉඩම් හිමියෙකුට එරෙහිව ඇරඹි ලොව ප්‍රථම වර්ජනය (The World's First Strike Against A Sandowner) ඉඩම් හිමියෙකුට එරෙහිව ඇරඹි ලොව ප්‍රථම වර්ජනය (The World's First Strike Against A Sandowner) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment