දවසේ වැදගත්කම - අප්‍රේල් 01 මෝඩයන්ගේ දිනය (Significance Of The Day - April 01 April Fools' Day)

දවසේ වැදගත්කම - අප්‍රේල් 01 මෝඩයන්ගේ දිනය (Significance Of The Day - April 01 April Fools' Day) - Your Choice Way

ඇත්තටම අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය හරි හැටි කොතනදැයි නොදන්නා නමුත් බොහෝ දෙනා සලකනු ලබන්නේ එහි ආරම්භය එය 1582 ප්‍රංශයෙන් ඇරඹුනු බවයි. ප්‍රංශයේ රජ කල 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ එහි 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජොර්ජියන් කැලන්ඩරය හදුන්වා දීමත් සමග 09 වැනි චාල්ස් රජුද ප්‍රංශ ජනතාවට එය භාවිතා කිරීමට නියම කලා. එතෙක් භාවිතා කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කල අතර අලුතින් හදුන්වා දුන් ජොර්ජියන් කැලන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරී 01 වැනිදායිනි.

එකල සන්නිවේදන මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත් කැලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගර වල ක්‍රියාත්මක වුයේ නෑ. ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කලා.මෙසේ කටයුතු කල පුද්ගලයන් “මෝඩයන් “ ලෙස හදුන්වන්නට වු අතර අප්‍රේල් 01“ මෝඩයින්ගේ දිනය“ ලෙස හදුන්වන්නට විය.

මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01 “ මෝඩයන්ගේ දිනය “ ආරම්භය විදිහට සලකන්නේ. කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රට වලටත් 18 සියවසේදී ඇමරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හදුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබන අතරම සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා. බොහෝ රටවල එදිනට බොරු රගපෑම් කර මිනිසුන් මුලා කිරීම කරන අතර එවැන්නන් “ Poisson d’avril ” නැතිනම් “ April fish “ ලෙසද හදුන්වනු ලබනවා. බොරු ආරාධනා පත්‍රය යැවීමද සිදු කරනු ලැබීමද වැඩි වශයෙන් සිදුකරන විහිලුවක්. තවද කඩදාසි වලින් සෑදු මාලුවන් හැඩ හොරෙන් පුද්ගලයන්ගේ පිටේ ඇලවීමද තවත් එක විහිලුවක් ලෙස ප්‍රසිද්ධව ඇත. ස්කොට්ලන්තයේ මෙවැනි විහිලු “ April Gowk ” ලෙස හදුන්වන අතර බ්‍රිතාන්‍ය යේ බොහෝ විටම උදෑසන පමණක් මෙවැනි විහිලු කරන අතර විහිලුවෙන් මෝඩයා වන තැනත්තා “ Gobs” එහෙමත් නැතිනම් “ Gobby” ලෙසද විහිලුව “ Noodle ” ලෙස හදුන්වනු ලබයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - අප්‍රේල් 01 මෝඩයන්ගේ දිනය (Significance Of The Day - April 01 April Fools' Day) දවසේ වැදගත්කම - අප්‍රේල් 01 මෝඩයන්ගේ දිනය (Significance Of The Day - April 01 April Fools' Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment