Your Choice Way

වියරුවෙන් ආ තැඹිලි වෙලෙන්දා (Thabili Welenda)

වියරුවෙන් ආ තැඹිලි වෙලෙන්දා (Thabili Welenda) - Your Choice Way

"පාර වසා ඇත විකල්ප පාරවල් බාවිතා කරන්න"

බයික් එක පදවන් ගිය සුදාරක පාරේ තැනක ලියල තිබ්බ ඒ පුවරුව දැක්කා විතරයි බයික් එක නැවත්තුවා. එතන තිබ්බේ තුංමන්හන්දියක්. ,සුදාරක
යන ගමන යන්ඩ ඕන වුනේ අර වහල තියෙන පාර ඔස්සෙයි.

"දැන් මොකද කරන්නේ...."

පිටුපස හිටපු නිලුපුලිත් එය දැකපු නිසයි එහෙම ඇහුවේ. මෙතෙක් වෙලා දාගෙන ආපු හෙල්මට් එක ඇය ගලවල අතට ගත්තා.

"වෙන පාරක් හොයාගන්ඩ වෙනවා......මේ පාරෙන් යන්ඩ දැන් බෑනේ"

"අපි මේ පැත්ත ගැන හරියට දන්නෙත් නෑ. පාරක් අහගන්ඩ කියලා මේ රෑ දෙගොඩ හරියේ කාහෙන් අහගන්ඩද"

නිලුපුලි කිව්වේ තම phone එකෙන් වෙලාව බලල ඉවර වෙලා. වෙලාව රෑ එකොලහයි විසි එක විදිහට සදහන් වෙලා තිබ්බා. ගෙවල් දොරවල් නැති මිනිස් කටහඩක් නැති ඒ පෙදෙසේ ඔවුන් මංමුලාවෙලා කියලයි ඇයට වැටහුනේ.

සුදාරකගේ ගොඩක් දුර බැහර හිටපු සොහොයුරියගේ නිවසට බයික් එකේම ගිය නිලුපුලිත් ඔහුත් හැමදාම වගේ ප්රදාන පාරවල් වල නොගොස් අතුරු පාරවල් වලින් ඒ නිවසට යන්නේ කෙටි දුරකින් ඒ නිවසට යන්ඩ 🐘හැකිනිසායි. අදත් ඔවුන් ඒ ගමන බයික් එකේ ගියේ සුපුරුදු විදිහටමයි. දවල් අවුවේ වාහන ගොඩේ යන එකට වඩා රෑ මේ ගමන යන එක හොද කියල හිතුන නිසා ඔවුන් රෑ නමය වෙද්දිම සුදාරකගේ සොහොයුරියගේ නිවසෙන් පිටවුනා.

මේ වගේ දෙයකට මුහුන දෙන්ඩ වෙයි කියලා ඒ වෙලාවේ ඔවුන්ට හිතුනේ නෑ.

"අපි ආපහු යමු ,ගිහිල්ලා ප්රාදාන පාරකට දාල යමු"

සුදාරක එක කියද්දී නිලිපුලීට අඩි හඩක ඇහුන නිසා පිටිපස්ස හැරිලා බැලුවා. ඇය දැක්කේ ඔවුන් පැත්තට එන මින්ස් චායාවන් තුනක්. දෙන්නෙක් පාරෙ ඔවුන් හිටපු පැත්තට එද්දී එක්කෙනෙක් පාරෙන් එලියට පැනල ගහකට මුවා වුනා. මුත්රා කරන්න වෙන්න ඇති. ඇයට සිතෙද්දී සුදාරකත් ඔවුන්ව දැකල ඉවරයි.

"අම්මො මේ රෑ මංකොල්ල කාරයොද දන්නෙත් නෑ.."

නිලුපුලීට ඒක මතක් වුනේ ඇග හිරිවට්ටමින්.

අර චායාවන් තුන නිලුපුලිත් ,සුදාරක ලගට ලංවෙන්ඩ එච්චර වෙලා ගියේ නෑ. එතකොටයි නිලිපුලී දැක්කේ එතන හිටියේ අවුරුදු තිහ කිට්ටු කරපු මිනිස්සු දෙන්නෙක් කියලා. එච්චර නපුරු බවක්නම් ඔවුන්ගේ මූනවල් වලින් ඇය දැක්කේ 🐎නෑ...

"මොකද මල්ලිලා මෙතන "

නිලූපුලීගේ මූනත් සුදාරකගේ මූනත් දිහා වරින වර බලමින් එක්කෙනෙක් ඇහුවා. ඔහුගෙ කටින් ආපු ගදත් කතා කරපු විලාසයක් අනුවනම් ඔහු හිටියේ ටිකක් වෙරිවෙලා කියලා නිලුපුලීට අදුනගන්ඩ අමාරුවුනේ නෑ.

"වෙනද යන පාර ,ඒක වහලා ,මොකද කරන්නේ කියලා හිතාගන්ඩ බැරි හින්දයි පොඩ්ඩක් හිටියේ"

සුදාරක කිව්වා.

"කොහාට යන්ඩද මල්ලී "

ඔහු එහෙම දෙයක් අහද්දී සුදාරක යන්ඩ ඕනා තැන ගැන කිව්වා.

"ආ එහාටද ,, එහාටනම් ඉතින් යන්නේ මේ පාරෙන් තමා ,ඒත් ඒක වහලනේ ,පාලම කඩලා හදනවා....."

"වෙන පාරක් නැද්ද අයියේ එහාට යන්ඩ "

"පාරක්නම් තියෙනවා මල්ලී, අර වහල තියෙන පාරෙන් යනකොට වඩා ඔන්නම් හැතැම්මම්ක් විතර ඊට වඩා දුර ඇති. ඒත් ඉතින් මේ රෑ යාමේ ඒපාරෙ යන එක ටිකක් ඩේන්ජරස් "

"ඇයි මොකද ඒ "

"ඒක මල්ලි කැලෑ පාරක් ඒකයි, එච්චර හොද පාරකුත් නෙමේ "

"ඇයි අලි එහෙම යද්දි පාර පනිනවද " 🐤

"නෑ එහෙම අවුලකුත් නෑ "

"එහෙනම්"

"අනේ මේ බං ඔය මල්ලිලට බන කියන්නෙ නැතිව ඒ පාර කියපන්, විකාර දොඩවනවා.උන්ටත් පරක්කු වෙනවා ,අපිටත් පරක්කු වෙනවා."

මේ පාර කතා කෙරුවේ සුදාරක එක්ක මෙතෙක් වෙලා කතා කරපු කෙනා නෙමේ ,අනිත් කෙනා.

** "ඔව් අයියේ අපිට කියන්ඩ ඒ පාර.,අපි කොහොමහරි යන්නම්"

"හරි මේ පාර දිගේ කෙලින්ම යන්ඩ ගිහිල්ල දෙවනියට හම්බවෙන දකුණු පැත්තෙන් හැරෙන පාරට හැරෙන්ඩ...ඊට පස්සේ............"

ඔහු දිගටම පාර විස්තර කරන් යද්දී සුදාරක විතරක නෙමේ නිලිපුලීත් ඒ පාර මතකේ රන්දව ගත්තා...

"හැබයි මල්ලි මේක කැලේ මැදින් යන පාරක් ,දිගටම යන්ඩ ,මගදි මොන දේකටවත් නවත්තන්ඩ එපා...."

"හරි අයියේ ,ගොඩක් ස්තූතීයි කරපු උදව්වට "

කියපු සුදාරක බයික් එක යලිත් පණ ගැන්නුවා. වරක් අර දෙන්න දිහා බලපු නිලුපුලි හෙල්මට් එක දාගත්තට පස්සේ සුදාරක බයික් එක ඉස්සරහට ඇද්දුවා. 🐜

"පොඩි නංගී........."

කෙනෙක් පීටිපස්සේ ඉදන් ඇයට කතා කරනවා නිලුපුලීට ඇහුනේ නෑ.

"කාටද බං උබ පොඩි නංගි කියලා කතා කෙරුවේ ,අර අපෙන් පාර අහගත්තු කෙනා ලග හිටපු කෙල්ලටද"

සුදාරක ට පාර කියපු චන්දන පිටිපස්සෙන් කලබලෙන් දුවගෙන ආපු ජීවන්තගෙන් ඇහුවේ පුදුමෙන්. චන්දන ලග හිටපු උදාරත් බැලුවේ ජීවන්ත මේ පොඩි නංගි කියන්නේ කාටද කියලා.

"ඔව් බං ඒ අපේ පොඩි නංගිම තමා , මට අදුනගන්ඩ බැයිද මගෙ නංගිව,මම හිතුවේ නෑ මට ආයේ ඒකිව දකින්ඩ හම්බවෙයි කියලා..,,ශික් චු කරන්ඩ නතරවුන එකෙම් මට ඒකිව මග ඇරුනා."

"ඉතින් කෝල් එකක් දීලා ආපහු එන්ඩ කියපන් ,එච්චර දුරක් ගිහිල්ලා නැතුව ඇති තව "

චන්දන කිව්වා.

"කෝල් කරන්ඩ ඒකි ගේ phone නම්බරේ දන්නවාවැයි. ඒකි මීට මාස හතරකට කලින් අපේ ගමට ආපු කොහෙද මන්ද ආපු කොල්ලෙක් එක්ක පැනලා ගියා. කොහේ ඉන්නවද කියලා ආරංචියක් ආවේ නෑ ,එදායින් පස්සේ ඔය පොඩි නංගිව දැක්කමයි. ශික්...." 🐆

ජීවන්ත මේ දින කීපය හිටියෙත් ඔහුගේ උපන් ගමේ නෙමේ. ගමෙන් ගොඩක් දුර බැහර ඔහුගෙ හොදම මිතුරකු වුන චන්දනලාගේ ගෙදර සතියකට විතර නවතින්ඩ ගිහිල්ලයි. චන්දනගේ තවත් යාලුවෙකුගේ ගමේ තිබ්බ පොඩි පාටියකට ගිහින් ආපහු එද්දියි ඔහු නිලුපුලීගේ රුව දැක්කේ.

"මට හිතෙනව බං උන් ගිය පාරේ ගිහිල්ලා බලන්ඩ , බැරි වෙලාවත් උන් ගිය බයික් එක කැඩිලා මග නතරවුනොත් මට උන් දෙන්නව මිට් වෙන්ඩ පුලුවන්."

"මොනවද බන් මේක මේ දොඩවන්නේ "

"උබ දන්නෙ නෑ ගෙදරින් මම ගොඩක් ආදරෙ කෙරුවේ පොඩි නංගිට,,ඒකි මෙහෙම පැනල ගියාට පස්සේ මට පිස්සු හැදුනේ නැති එක විතරයි වුනේ. ගෙදර එකෙකුටවත් ඕන වෙලා තිබ්බෙ නෑ නංගි ගියේ කොහෙද කියලා හොයන්ඩ ,ඒත් මම අදටත් හොයනවා, ශික් හම්බවෙන්ඩ තිබ්බ චාන්ස් එක මගෙන් මග ඇරුනා"

ජීවන්ත කිව්වේ පාරෙ තිබ්බ පොල් ලෙල්ලකට පයින් ගහමින්.

"මට සපෝට් එකක් දීපල්ල බන්..."

ජීවන්ත ඊට පස්සේ යමක් මතක් වුනා වගේ කලබලෙන් දුවගෙන ගියා.ඔහුට ඕන වුනේ හැකි 🐌ඉක්මනින් චන්දනලාගේ ගෙදරට ගොස් චන්දනගේ බයික් එක අරන් සුදාරකත් ,නිලුපුලිත් ගිය පාර ඔස්සේ ඔවුන් හොයමින් යන්ඩයි.සමහර විට ඒක මෝඩ අදහසක් වෙන්ඩත් පුලුවන්.

"අරූ අර මොකද වෙඩි වැදුන ඌරා වගේ දුවන්නේ ,කොකටටත් අපිත් ගිහිල්ලා බලමු"

උදාර කිව්වේ චන්දනට.

*** ************************************
මේ කිසිත් නොදත් සුදාරක ,නිලිපුලී ත් තියන් බයික් එකේ චන්දන කියපු මග ඔස්සේ ඉදිරියටම ගියා. පැය කාලක් විතර යද්දියි ඔහුට පාර කියපු පුද්ගලයා කියපු දේ ඇත්ත කියල වැටහුනේ. ඔවුන් ගමන් කරමින් හිටියේ පාලු කැලයක් මැදින් අබලන් වූ මර්ගයක.

"හරිම පාලු කැලයක්, මටනම් බයෙත් බෑ"

නිලුපුලී බයට සුදාරකව හයියෙන් අල්ල ගත්තා. දරාගන්ඩ බැරි පිපාසයක් මේ වෙලාවෙදී ඇයට දැනුනේ කටේ කෙල පවා හින්දවමින්. කවදාවත් මේ තරම් පිපාසයක් ඇයට දැනිලා නෑ.

"නිලූ මටනම් දැන් ඉන්ඩ බෑ ,මාර තිබහයි දිව ගිලෙන්ඩ වගෙ , ඔයා ලග තිබ්බ වතුර එක ඉවරද "
සුදාරක කියද්දී ඇය පුදුම වුනා. ඔහුටත් වතුර තිබහ ඇවිත්.

"නිලූ වතුර එක ඉවරද "

සුදාරක ඇහුවේ ඇයගෙන් පිලිතුරක් ආපු නැති 🐋නිසා.

"ඉවරයිනේ.....ඔයාට විතරක් නෙමේ මටත් ඉන්ඩ බෑ මාර වතුර තිබහක් තියෙන්නේ. කවදාවත් මේ වගේ තිබහක් ඇවිත් නෑ...

අදික වතුර පිපාසෙන් පෙලුන සුදාරක බයික් බයික් එක අර කැලෑ පාරෙන් අමාරුවෙන් එලවන් ගියෙ මේ වෙලාවේ මැහිතෙල් වුනත් තිබහට බොන්ඩ පුලුවන් හිතමින්.

එන්ඩ එන්ඩ වැඩිවෙමින් තිබ්බ පිපාසය දරාගෙන සුදාරක තව දුරක් යද්දී ඔහු දැක්කේ මේ රෑ මේ කැලේ මැද පුදුම හිතෙන දෙයක්. පාර අද්දරට වෙන්ඩ ගහක් යට පොඩි පොල්අතු සෙවිලි කරපු කඩයක් තිබ්බා. ඔවුන් ඒ කඩේට ලංවෙද්දීම ,එකපාරටම කඩේ ඇතුලේ ඉදන් පාරට පැන්නේ අවුරුදු හැට කිට්ටු කරපු මනුස්සයෙක්.

ඔහු සුදාරකලා එන දිහාට අත අල්ලගෙන හිටියේ බසයක් නවත්තන්ඩ වගේ.

බයික් එකේ වේගය පොඩ්ඩක් අඩු කරපු සුදාරකට අර පොල් අතු කඩේ දිහාටත් නෙත් ගියේ අහම්බෙන් වගේ. ගෙඩි පහක් හයක් තිබ්බ තැඹිලි වල්ලක් කඩේ එල්ලල තිබ්බා. එකපාරටම ඔහු කඩේ අර මනුස්සයා ලගින් බයික් එක නැවත්තුවා. ඔහුගේ පිපාසය මේ වෙද්දි තිබ්බේ 🐍උච්චතම අවස්තාවක. දාඩිය පවා දෙකන්සෙන් ගලන්නෙ හරියට වතුර වගේ.

"මහත්තයා ,තැඹිලි ගෙඩියක් බීල යනවද ,"

අර මනුස්සය කතා කෙරුවේ පිංසෙණ්ඩුවෙලා වගේ.

"කීයද තැඹිලි ගෙඩියක්"

සුදාරක ඇහුවා.

"විසි පහ ගානේ විකුණුවේ ,මහත්තයලට හින්දා පහලොව ගානේ දෙන්නම් ,රුපියල් දහයක්ම අඩු කරලා..."

"අනේ මටනම් මොකක්ද වගේ ,මේ රෑ මේ වගේ තැනක් තැඹිලි කඩයක් තියෙන එක "

නිලුපුලී කීවේ සුදාරක විතරක් ඇහෙන්ඩ රහසින් වගේ.

"මහත්තයලා බැහල එන්ඩකෝ. බයවෙන්ඩ එපා,,,මම ඉතින් පැය විසිහතරම වගේ ඉන්නේ මේ කඩේ තමා, මගේ ගෙදර ඉතින් මේ කඩේ "

අර මනුස්සයා කතා කරේ කටේ ඉස්සරහ ඇන්දේ තිබ්බ එකම එක දත පේන්ඩ හිනාවෙලා.

"බහින්ඩ නිලූ ,මේ කෙනා මෙච්චර කියන එකේ තැඹිලි ගෙඩියක් බීලම යමු.මට නම් දැන් තිබහ දරාගන්ඩත් බෑ..."

නිලුපුලියි සුදාරකයි ඒ කඩේ ලගට ම ගියා. තැඹිලි විතරක් නෙමේ ඒ කඩේ තිබ්බෙ. කඩේ ඇතුලේ ගස්ලබු ගෙඩි පහ හයකුත්, පැනි කොමඩු ගෙඩි 🐒කිපයකුත් තිබ්බා. ඒත් ඒවා ලගින් හමාගෙන ආවේ නහය හකුලුවාගෙන යන තරම් ගදක්. කොමඩු ,ගස්ලබු ගෙඩි ඔක්කොම තිබ්බේ බාගෙට බාගයක් නරක් වෙලා.

"මහත්තයලා බීල බලන්ඩකෝ මගේ කඩෙ තැඹිලි හරිම රසයි. තැඹිලි වලවතුර එක රහ තමා ඉතින් . ඒත් මගෙ කඩෙන් තැඹිලි බීපු ඔක්කොම කටිටිය කිව්වේ මේ තැඹිලි වලින් එන්නේ හරිම අමුතු රහක් කියලා. පුරසාරම් දොඩවනවා නෙමේ මහත්තයලත් බීල බලන්ඩකෝ"

ඇස්ස ලගින් කපපු තැඹිලි ගෙඩියක් සුදාරකට දෙන ගමන් අර මනුස්සයා කිව්වා. ඊට පාස්සේ ඔහු නිලුපුලී වෙනුවෙනුත් තව තැඹිලි ගෙඩියක ඇස්ස කපන්ඩ පටන්ගත්තා.

තැඹිලි ගෙඩිය අතේ තියන් සුදාරක බලන් හිටියේ නිලුපුලී එක්කම එකටම තැඹිලි ගෙඩි වල වතුර බොන්ඩ හිතන්.

"හා ඉතින් බීල බලන්ඩකෝ මේවගේ රහ කොහොමද කියලා"

වයසක මමනුස්සයා කිව්වේ ඇස්ස කපපු තැඹිලි ගෙඩිය නිලුපුලීට දෙනගමන්. ඊට පස්සේ වයසක මිනිසා සුදාරකයි ,නිලුපුලියි තැඹිලි බොන විදිහ බලාගන්ඩ ඔවුන් දිහා බලන් හිටියේ මහත් ඕනෑකමකින්.

තවත්නම් තිබහ ඉවසන් ඉන්ඩ බැරි සුදාරක තැබිලි ගෙඩිය කටට ලන් කෙරුවේ එක හුස්මට බීගෙන යන්ඩ හිතන්. ඒත් ඔහුට ඊට පස්සේ දැනුනේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ. තැඹිලි  🏇වතුරෙ රස බලාපොරොත්තුව වුන සුදාරකගේ කටටට දැනුනේ කට හාරගෙන යන පිලිහිඩි රහක්. කොහොමවත් ඒවා තැඹිලි වතුරනම් වෙන්නට විදිහක් නෑ.

**** බීපු වේගයට ඒවා සුදාරකගේ උගුරෙන් පල්ලෙහාට යද්දී එකපාරටම ඔහුගේ අතින් තැඹිලි ගෙඩිය බිම වැටුනා. ඒත් එක්කම ඔහු දැක්කේ නිලුපුලිත් ඇයගේ තැඹිලි ගෙඩිය මුවට ලන්කරන් බොන්ඩ හදන විදිහ....

"එපා.......ඕක බොන්ඩ එපා..."

භීතියෙන් කෑ ගහපු සුදාරක නිලුපූලී බොන්ඩ හදපු තැඹිලි හෙඩියට අතින් පහරක් ගහලා වැට්ටෙවෙවේ ,ඔහුට විදින්ඩ සිදුවුන අත්දැකීම නිලූපුලීට විදගන්ඩ නොදීයි.

" නිලූ අපි දැන් මෙතනින් යන්ඩ ඕනා.. යමු යමූ"

සුදාරක කලබලෙන් කියලා නිලුපුලීගේ අතින් ඇදගෙන බයික් එක ලගට යන්ඩ හැදුවේ කලබලයෙන්. තැඹිලි වෙළෙන්දා අමුනුස්සයෙක් බව ඔහු මේ වෙද්දී හොදටම දැනන් හිටියා.

"සුදාරක මොකද මේ"

ඒත් නිලුපුලී අහපු දේට පිලිතුරක් දෙන්ඩ සුදාරකට හැකි වුනේ නෑ. ඔහුට දැනුනේ ඔහුගේ ඇස් නිලංකාර වෙන බව. ගහක් කඩාගෙන වැටෙනවා වගේ සුදාරක පාර මැද ඇදවැටෙද්දී නිලිපූලීට පිටිපස්සෙන් ඇහුනේ ඇග කිලිපොලායන වියරු හිනා හඩක්..........................

ඒ හිනා හඩට පිටිපස්ස හැරිලා බලපු නිලුපුලීගේ ඇස් ලොකුවෙලා එක අතක් මුවකින් වසාගත්තේ දැකපු බිවිසුනු දසුන දරා ගන්ඩ බැරිවයි. මේ වනතෙක් සමාන්ය මනුස්සයෙක්ගේ වගේ තිබ්බ අර වයසක මනුස්සයාගේ ඇස් වෙනස්වෙලා තිබ්බා.

කලු ඉංගිරියාව නොතිබුණු ඒ එස් දෙක සුදු පාටින් විතරක් දිස්වුනේ නිලුපුලීට ඇය බලපු හොල්මන් film එකක හිටපු අමුනුස්සයකුගේ රුවක් මතකයට නංවමින්. ඒ බිවිසුනු රුව තවත් ඇස්ස කපපි තැඹිලි ගෙඩියක් එක්ක නිලුපුලී ලගට ටික ට්ක ලංවුනේ ඒ තැඹිලි ගෙඩිය ඇය දෙසට දිගුකරන්.

" ආ මේ තැඹිලි ගෙඩිය බොන්න.....අර ගෙඩිය බිම වැට්ටුව කියලා මට මට ප්ර්ශ්නයක් නෑ...මේක බොන්ඩකෝ... ,මට ගෙඩි තුනකට සල්ලි එපා....."

"එපා නිලූ ඕක බොන්ඩ එපා...නිලූ ඔයා මෙතනින් යන්ඩ. මම ගැන හිතන්ඩ එපා.... "

හීනෙන්වගේ සුදාරකට අර අමුනුස්සයා කියපු දේ ඇහිලා කිව්වේ නිලුපුලීවත් මේ අමුනුස්සයා ගේ ග්රහනෙන් බේරාගන්ඩ. සුදාරක මේ වෙද්දිත් තැඹිලි ගෙඩිය බීපු නිසා අමුනුස්සයා ගේ ග්රහනයට අහුවෙලා ඉවරවෙලා තිබ්බා.

"නිලූ යන්ඩ ,බයික් එකේ ගිහින් කාගෙහරි උදව් 🐘අරන් එන්න."

සුදාරකට කියන්ඩ පුලුවන් වුනේ එච්චරයි. වයසක මනුස්සයා ඔහු ලගට ලංවුනා. බිම වැටී හිටපු සුදාරකගේ කොන්ඩෙන් ඇදලා නැගිට්ටවපු තැඹිලි වෙලෙන්දා කලේ කිසිසේත් මනුස්සයෙක් ට කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.

හරහට ඉහලට එසවූ සුදාරකගේ සිරුර ඔහු අසල තිබ්බ කැලයට විසුකෙරුවේ බිවිසුනු හඩකුත් නංවගෙන්. ගහක හිස වැඩී ඔහු සිහිසන් වෙද්දී නිලුපුලී බයික් බයික් එක ලගට දුව ගෙන ගියා. ඇයට ඕන වුනේ හැකි ඉක්මනට මෙතනින් පිටවී මේ ගැන කාට හරි කියලා උදව් ඉල්ලගෙන එන්ඩයි.

යතුර තිබුනේ බයික් එකේමයි. බයික් එක ස්ටාට් කරගත්තු ඇය ආපු පාරේම වේගයෙන් ඉස්සරහට ඇදුනා....

"හහ් හහ් හහ් හා....... උබ ඕනනම් තව මීටර් දෙසීයක් යයි. බලමුකො උබට එතනින් එහාට යන්ඩ් පුලුවන් වෙයිද කියලා."

තැඹිලි වෙළෙන්දා කියාගත්තේ ඇය යන දිහා බලාගෙන. ඔහුගේ මූනේ තිබ්බේ සම්ච්ච්ල සිනාවක්.
****************************************
නිලුපුලී බයෙන් වෙව්ලා වෙව්ලා බයික් එකේ 🐎වේගෙන් ඉදිරියට ගියා. ඒත් ඇයට එහෙම වැඩි දුරක් යන්ඩ හම්බවුනේ නෑ. එකපාරටම කැලය පැත්තේ ඉදන් මහ හඩක් නංවමින් විශාල ගසක් ඇය යන මග හරස් කරගෙන පාර මැදට ඇද වැටුනා. විශාල කදක් තිබ්බ ගසක් වුන ඒ කඩන් වැටුන ගහ පාස් කරන් එතනින් එහාට බයික් එකේ යන්ඩ ඇයට කොහොමවත් හැකියාවක් තිබ්බේ නෑ.

මොකක්ද කරන්නේ කිය කිය ඇය ඒ දිහා බලන් ඉද්දීමයි ඇයට දැනුනේ තම උරහිස මතින් කවුරු හරි අතක් තිබ්බ බව. ඇය හැරී බැලුවා. නිලුපුලී ලග හිටියේ විකාර විදිහට ඔලුව හොලව හොලවා අර තැඹිලි වෙළෙන්දයි.

"තැඹිලි ගෙඩියක් බොමුද"

ඔහු එක අතකින් තැඹිලි ගෙඩිය ඇයට දිගුකෙරුවා. ඔහුගේ අනිත් අතේ තිබ්බේ තියුණු පිහියක්.

"එපා......"

හොදටම බය වුන නිලුපුලී තැබිලි වෙලෙන්දා ව තල්ලු කරලා බයික් එකෙන් බැහලා ඉස්සරහට දිව ගියා..... ඒත් ඇය කොච්චර අවසනාවන්ත සිදුවීමකට මූන දෙනවාද කිව්වොත් ඇයට දුවගෙන යන්ඩ හැකි වුනේ අර කඩන් වැටුන් ගහ පාස් කරලා විතරයි. පිටිපස්සේ හිටපු තැඹිලි වෙළෙන්දා එක පාරටම ඇය ඉස්සරහට කැලේ 🐤ඉදන් පැන්නා. පැන්නා විතරක් නෙමෙ ඇගේ දිගු කෙස් වැටියෙන් අල්ලාගත්තා..

** "උබට එහෙමනම් මගේ තැඹිලි බොන්ඩ බෑ ,, එහෙම නේ , මම උබට කොහොම හරි පොවනවා."

වියරුවෙන් කෑ ගහපු තැඹිලි වෙලෙන්දා ඇයව පාර මැද ඉන්දෙව්වා. ඇය අසල තිබ්බේ ඇස්ස කපපු තැඹිලි ගෙඩි කීපයක්.

"ගනින් මේ තැඹිලි ගෙඩියක් ,බිව්වේ නැත්තම් මම උබගේ බෙල්ල මේ පිහියෙන් කපාල මෙතනම මරලා දානවා."

නිලුපුලීගේ කෙස්වැටිය අත නොහැරම ඔහු ඇයගේ බෙල්ලට තිබ්බේ ඔහු අතේ තිබ්බා අර තියුණ පිහියයි.

".............අනේ මාව බේරගන්ඩ............"

ගතේ තිබ්බ මුලු ශක්තියම යොදවා නිලුපුලී කෑගැහපු හඩ කැලේ මැද්දෙන් සෑහෙන්ඩ දුරක් ඇහෙන්ඩ ඇති.

"එහෙනම් උබට බෑ මගේ තැඹිලි බොන්ඩ,එහෙමනම් ලෑස්තිවෙයන් මම අතින් මැරුම් කන්ඩ "

"එපා...................."

නිලුපුලී යටගිරියෙන් කෑ ගැහුවේ අර තැබිලි වෙලේනදා අතේ තිබ්බ පිහියෙන් ඇයගේ ගෙල පෙදෙස පිහියෙන් අදිද්දී . වේදානාවක් දැනෙද්දී 🐜ඇය ඇය හයියෙන් ඇස් දෙක වහගත්තා.....

"පොඩි නංගී........"

මොහොත්කින් ඇයට හීනෙන් වගේ ඇහුනේ සුපුරුදු හඩක්. එක බඩවැල කඩාගෙන ඉපදුන එකම සොහොයුරාගේ හඩ අදුන ගන්ඩ පුලුවම් වුන නිලුපුලි ඇස් ඇරලා බැලුවේ පුදුමයෙන්.

ඇයට විශ්වාස කරන්ඩත් බැරි වුනා පෙරීගෙන ආපු සදඑලියෙන් ඇය දැක්කේ තම එකම සොහොයුරාරාගේ මූන. ඒ විතරක් නෙමේ මේ පාරෙ එන හැටි විස්තර කර්පු අර තරුණයන් දෙන්නත් ඇය දිහා බලන් හිටියා. මෙතෙක් වෙලා ඇයට තැඹිලි බොන්ඩ කියලා අන කරපු අර වෙළෙන්දා හිටියේ අතුරුදහන් වෙලායි.

"පොඩි නංගි ඔයාට මොකද උනේ..."

ජීවන්ත ඇහුවේ නිලුපුලීගේ අතින් අල්ලගෙන කලබලයෙන්. තම නැගනිය සොයාගෙන යහලුවෝ දෙන්නගේ උදව් අරන් ආපු ජීවන්තට මේ පාරෙ එද්දී ඉස්සරවෙලාම ඇහුනේ හයියෙන් කෙනෙක් කෑ ගහන හඩයි. ඒ ඔස්සේ ආපු ඔහු තම නැගනිය පාර මැද වැටිලා ඉන්නව දැක්කේ හිතට අවිනිශ්චිත බයක් ඇතුලු වෙද්දියි.

"අනේ අයියේ මේ ඔයාමද ,හොල්මනක් නෙමේ නේද "

"නෑ නංගී මේ ඔයාගේ අයියා...කියන්ඩ ඔයාට 🐆මොකද උනේ...."

"අයියේ අර තැඹිලි වෙළෙන්දා."

නිලුපුලීගේ කටින් එහෙම දෙයක් පිටවෙද්දී චන්දනයි උදාරයි මූනට මූන බලාගත්තේ දෙයක් තේරුනා වගේ. ඒත් මේපැත්තේ ජීවත් නොවුන ජීවන්තට එවන් වැටහීමක් තිබ්බේ නෑ.

"අයියේ ඒ තැඹිලි වෙළෙන්දා හැදුවේ මාව මරන්ඩ , අනේ සුදාරක එයා මගේ සුදාරක මැරුවද දන්නේ නෑ......."

යමක් මතක් වෙලා වගේ නැගිට්ටපු නිලුපුලූ පාරේ දිව ගියේ සුදාරක සිහිනැතිව හිටපු ඉසව්ව හොයාගෙනයි. ඇයට දැන් සිතේ බයක් තිබුනේ නැත්තේ අයියා සමග අර තරුනයයන් දෙන්නත් ලග හිටපු නිසා. අර පාර මැදට කඩන් වැටුන අර විශාල ගහේ ලකුණක් වත් තිබ්බේ නෑ.

"ඔහොම ඉන්න නංගී"

කියපු ජීවන්තත් ඇය පිටුපසින් දිව ගියා.

සුදාරක නිලුපුලී යද්දීත් ඔහු සිහි නැතිව වැටිලා හිටපු තැන හිටියා. ඒත් ඒ පරිසරය දකිද්දී ඇයට දැනුනේ හරි වෙනස් බවක්. අර කලින් දැකපු තැඹිලි කඩේ එතන තිබ්බෙ නෑ.අර තැඹිලි වෙළෙන්දා හිටියෙත් නෑ .. ඒ වෙනුවට තිබ්බේ ඒ තැඹිලි කඩේ ලග තිබ්බ අර ගහ විතරයි.

"සිහි නැතිවෙලා විතරයි. ඉක්මනින් මේ අයත් 🐌අරන් මෙතනින් යමු...මේ හරියේ ඉන්න එක එච්චර හොද නෑ.."

චන්දන කිව්වේ සුදරකව පරික්ශාකරලා අවසානේ...

*** සිහි නැතිව හිටපු සුදාරකත් ,නිලුපුලීත් එක්කගෙන එතනින් ඔවුන් හැකි ඉක්මනට පිටවුනා. ඒ චන්දනලාගේ ගෙදරට.

පහුවදා වෙද්දි සුදාරක ට සිහිය ඇවිල්ල හිටියත් ඔහු උණ විකාරෙන් දෙඩෙව්වා. ඔහු විතරක් නෙමේ නිලුපුලි හිටියෙත් ඒ තත්වයේ. ගමේ ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වල ඒ දෙන්නට මතුරපු නූල් දැම්මේ මේකට හේතුව අනිවාර්යයෙන් ම අමුනුශ්ය දෝශයක් කියල ඔවුන් දෙන්න දකපු ඔක්කොම අයට සිතුන නිසා.

"මොකක්ද නංගි ඇත්තටම ඔයාලට ඊයේ රෑ උනේ ,අපිට දැනගන්ඩත් එක්ක මුල ඉදන්ම කියනවද "

සිහියෙන් කතා කරගන්ඩ තරම් මානසික තත්වයක් එද්දී ජීවන්ත නිලුපුලීගෙන් ඇහුවා. ඇය ඊට පස්සේ උන දේ කිව්වේ එතන හිටපු අය පුදුමයෙන් ඇස් ලොකු කරන් අහන් ඉද්දී.

"හොද වෙලාවට ඔය ගොල්ලෝ ඒ වෙලාවේ එතනට ගියේ , නැත්නම් අපිට හෙට හරි අහන්ඩ ලැබෙන්ඩ තිබ්බා තරුනයෙකුගේ හා 🐋තරුණියකගේ මලසිරුරු දෙකක් තිඹිරි කැලෙන් හම්බවෙයි කියලා...ඔය හරියෙදී මීට කලින් කීප දෙනෙක් හේතුවක් හොයාගන්ඩ බැරිව මැරිලා හිටියා. කට්ටිය කටකතාවටනම් කිව්වේ ඒ අය ඔය කියන් අමුනුස්සයා ට අහුවෙලා මැරෙන්ඩ ඇති කියලා.. රෑට ඔය පාරෙන් යන අය දැකල තියෙනව ඔය තැඹිලි විකුණන ඔය අවතාරේ. එතනින් හිට්ටෙව්වොත් ඉතින් ඒ අවතාරෙන් බේරිලා යන එක හරිම අමාරුයි. මේ දෙන්න බේරිලා තියෙන්නේ පෙර වාසනාවකට."

නිලුපුලීගේ කතාව අහල ඒක කිව්වේ චන්දනගේ ලගින් නෑදෑවෙන කෙනෙක්.

"ඒත් ඇයි ඒ අවතාරෙ ඔහොම මිනිස්සු මරලා දාන්නේ "

සුදාරක ඇහුවා. ඔහුට එකපාරටම මතක් වුනේ අර තැඹිලි වෙලෙන්දා දීල බීපු තැඹිලි වතුරේ රහ. ඒ පිලිහිඩි රහ ඔහුට තවත් දැනෙනවා වගේ.

"ඔය කියන තැඹිලි වෙළෙන්දා මීට අවුරුදු කීපයකට කලින් ඔය කියන තැන තැඹිලි විකුනපු කෙනෙක්. එක දවසක් දවාලක ඒ කඩේ ලගින් යන කෙනෙක් දැකල තියෙනවා ඒ පොල් අතු කඩේ ලග බිම කෑලි කෑලි වලට කපලා කොටලා ඒ තැඹිලි වෙළෙන්දා මරලා දාල තියෙන විදිහ. කවුද මැරුවේ හේතුව මොකක්ද කියලා අදටත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ ඔය කැලේ 🐍පාරෙන් ඔය ගැන දන්න කටිටිය ගියෙම නැති තරම්. හරිම අමුතු දේවල් ඔය හරියෙන් වෙනවා..නොදන්න කට්ටිය ඔතනින් ඔය අවතාරෙට අහුවෙලා නවත්තලා මේ වෙද්දී ජීවිත් වලිනුත් වන්දි ගෙවල ඉවරයි.
මට හිතෙන්නේ ඔය තැඹිලි වෙළෙන්දා එයා මරපු අයගෙන් පලිය ගන්ඩ බැරි හින්දා ඒ වෙනුවට ඒ තරහට වෙන මිනිස්සුන්ගෙන් පලිගන්නව කියලා."

"ඒකනේ එදා මම මල්ලිට කිව්වේ ඔය පාරේ යද්දි මොනම දේකටවත් නවතින්නෙ නැතිව යන්ඩ කියලා. මම සීයට සීයක්ම විශ්වාස කෙරුවේ නෑ කට්ටිය ඔය ගැන කතා වුනාට ඔය හරියේ හොල්මන් තියෙනව කියලා. ඒකයි ඒ පාරෙ යන පාර කිව්වේ. ඔහොම දෙයක් වෙනව කියලා දන්නවන්ම් මල්ලි මම කීයටවත් ඔය පාරේ ඔය දෙන්නව යවන්නේ නෑ."

චන්දන කිව්වේ අවංකවම පසුතැවිලි වෙමින්.

"ඒ ගැන වද වෙන්ඩ එපා බං ,මොනව වුනත් ඒ හොල්මන් තැඹිලි වෙළෙන්දා හින්දා ,මම මෙච්චරකල් හොය හොයා හිටි මගේ පොඩි නංගිව ආයේ දැකගන්ඩ පුලුවන් වුනා."

තම සොහොයුරා ඒක කියනවා ඇහෙද්දිමයි නිලුපුලීට ඔහු හම්බවෙන්ඩ මොහොතකට කලින් ඇය අත්විදපු බිවිසුනු අත්දැකීම සිහියට නැගුනේ. එකපාරටම ඇයගේ දකුණු අත ගියේ ඇයගේ 🐒ගෙල පෙදෙසටයි. ඇයගේ ඇස් ලොකු වුනේ හද ගැස්ම වැඩි වුනේ අතට එකපාරටම දැනුනු දෙයින්.

මහ රෑ තැඹිලි වෙලෙන්දා ඔහුගේ පිහියෙන් කරපු කැපුම් තුවලාය ඒ විදිහටම ඒ වෙද්දිත් තිබුනා. මෙච්චර වෙලා ඒ ගැන ගානක්වත් තිබ්බෙ නැති නිලුපුලීගේ ගෙල පෙදෙසින් දැන් දැන් වේදනාවක් දැනෙන්ඩ පටන් ගත්තේ ඇයගේ මුලු ගතම හිරිවට්ටමින්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වියරුවෙන් ආ තැඹිලි වෙලෙන්දා (Thabili Welenda) වියරුවෙන් ආ තැඹිලි වෙලෙන්දා (Thabili Welenda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, March 17, 2022 Rating: 5

0 comments:

Post a Comment