Sukiri Kandak Mudune Song Lyrics - සූකිරි කන්දක් මුදුනේ ගීතයේ පද පෙළ

Sukiri Kandak Mudune Song Lyrics - සූකිරි කන්දක් මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Sukiri Kandak Mudune (සූකිරි කන්දක් මුදුනේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග සුජාතා අත්තනායක
පද රචනය : චන්ද්‍රරත්න මාපිටිගම
තනුව : සුමේධ හේවාවිතාරණ
(හත්දින්නත් තරු චිත්‍රපටයෙන්)  (1973)


සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා //

දියවී ගිය කඳු මුදුනක
මී පැණි පිරි නදියක් වී //

ගලා බසී අප හදවත්
ඉවුරු බිඳන් රස නෑවී
ආ හා හහහා
ඉවුරු බිඳන් රස නෑවී

සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා

පැණි ගඟ තුරුලට කරගත්
නුරා සයුරෙ රැලි මාලා //
දිවගෙන එයි අනුරාගෙන්
දිවගෙන එයි අනුරාගෙන්
සන්තර්පන වෙරළ බලා
ආ හා හහහා
සන්තර්පන වෙරළ බලා

සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා

ආ හා හහහා
ආ හා හහහා
ආ හා හා හා
හ්ම් හ්ම් හ්ම් හ්ම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sukiri Kandak Mudune Song Lyrics - සූකිරි කන්දක් මුදුනේ ගීතයේ පද පෙළ Sukiri Kandak Mudune Song Lyrics - සූකිරි කන්දක් මුදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2022 Rating: 5

0 comments:

Post a Comment