Your Choice Way

Sinhala Jaya Geetha Hadata Song Lyrics - සිංහල ජය ගීත හඬට ගීතයේ පද පෙළ

Sinhala Jaya Geetha Hadata Song Lyrics - සිංහල ජය ගීත හඬට ගීතයේ පද පෙළ
Song Title : Sinhala Jaya Geetha Hadata (සිංහල ජය ගීත හඬට)
ගායනය : අතුල සෝමසිරි ඇතුළු පිරිස
ගී පද : තු.ව. කුසුම්පාල


සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ //

මූදු වගේ වැව් බැදුණේ
යෝධ විකුම් බල නැඟුණේ //
වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ

ගල් මත බුදු රූ දිලුණේ
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දළු සැළුණේ
සදහම් පණිවිඩ ඇසුණේ..

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ

රුදු රුපු තෙද ඔද සිදුණේ
සුරවිරු රණ ගී ගැයුණේ //
මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැහුණේ

සිරි දළදා රැකවරණේ
රන් වැළි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ
යළි උපදිමි මේ දෙරණේ

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Jaya Geetha Hadata Song Lyrics - සිංහල ජය ගීත හඬට ගීතයේ පද පෙළ Sinhala Jaya Geetha Hadata Song Lyrics - සිංහල ජය ගීත හඬට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment