Hithuwakkari Numba Nam Sondura Song Lyrics - හිතුවක්කාරී නුඹ නම් සොඳුර ගීතයේ පද පෙළ

Hithuwakkari Numba Nam Sondura Song Lyrics - හිතුවක්කාරී නුඹ නම් සොඳුර ගීතයේ පද පෙළ
Song Title : Hithuwakkari Numba Nam Sondura (හිතුවක්කාරී නුඹ නම් සොඳුර)
ගායනය : අතුල සිල්වා
සංගීතය : සිරිල් පෙරේරා
ගී පද : කැළුම් ශ්‍රිමාල්


හිතුවක්කාරී නුඹ නම් සොඳුර
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර//
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

හිතුවක්කාරී නුඹ නම් සොඳුර
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ

සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි//
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...

හිතුවක්කාරී නුඹ නම් සොඳුර
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithuwakkari Numba Nam Sondura Song Lyrics - හිතුවක්කාරී නුඹ නම් සොඳුර ගීතයේ පද පෙළ Hithuwakkari Numba Nam Sondura Song Lyrics - හිතුවක්කාරී නුඹ නම් සොඳුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment