වසර දෙදහසක් පැරණි යබොර නිධිය ත්‍රිකුණාමලයෙන් හමුවෙයි (Yabora)

වසර දෙදහසක් පැරණි යබොර නිධිය ත්‍රිකුණාමලයෙන් හමුවෙයි (Yabora) - Your Choice Way

වසර දෙදහසකට පෙර අතීත මානවයන් විසින් යකඩ නිෂ්පාදනය කරනු ලැබූ ති‍්‍රකුණාමලයෙන් මෙතෙක් හමුවී ඇති විශාලතම යබොර නිධිය ති‍්‍රකුණාමලය මුතූර් තංගනගර් ප‍්‍රදේශයෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතියට පවා හමුව නොමැති මෙම ස්ථානය දිස්ති‍්‍රක්කයේ හමුවූ විශාලතම යබොර සහිත ප‍්‍රදේශය බවත් අක්කරයක බිමක් පුරාවට යකඩ නිපදවීමේදී ඉවතට ගලා ගිය යබොර කොටස් හා උදුන් කැබලි විසිරී පවතින බවත් පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.

අනුරාධපුර යුගයට සමගාමීව අතීත මානවයන් මෙම ප‍්‍රදේශය ආශී‍්‍රතව යකඩ නිපදවා ඇති බව මෙම ස්ථානය දෙස නිරීක්‍ෂණය කිරීමෙන් තොරතුරු හෙළිවන බවත් සුළං බලයෙන් යපස් උණු කළ ගිනි උදුන් කොටස් හා එම උදුන්වල වා සිදුරු කොටස් සහිත උදුන් කැබලි මෙම බිම පුරාවට විසිර තිබෙන බව පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. 

සුළං මුහුණතක ගිනි උදුන් පිහිටුවා යකඩ නිෂ්පාදනය කිරීම අතීතයේ සිදුකර තිබේ.මේ වනවිට එම ප‍්‍රදේශයේ ජනතාව නිවාස අලූත්වැඩියාව සඳහා යබොර විශාල වශයෙන් ට‍්‍රැක්ටර් රථ වල පටවා රැගෙන ගොස් ඇති බවත් අතැමුන් නිවාසවල අත්තිවාරම් ඉදිකිරීමට යබොර රැුගෙන යාම මෙම ස්ථානයට මහත් හානියක් බවත් පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති....

............අන්තර්ජාලය ඇසුරෙනි...........දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වසර දෙදහසක් පැරණි යබොර නිධිය ත්‍රිකුණාමලයෙන් හමුවෙයි (Yabora) වසර දෙදහසක් පැරණි යබොර නිධිය ත්‍රිකුණාමලයෙන් හමුවෙයි (Yabora) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment