Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ

Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ
Song Title : Manda Nawa Karanawa (මන්ද නාව කාරණාව)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ //

කතරගමට ගියා තමයි
මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ මළුව වටේ
පහන් වැටම නිවිලා //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

ඉකි බිඳ බිඳ මං ඇඬුවලු
මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කළා
වැඩහිටි කන්දේදී //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

ලොරි බාගේ මඟ හිටියා
එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල
තිස්සමහාරාමේ //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2022 Rating: 5

0 comments:

Post a Comment