ලින්කන් සහ කෙනඩි අතර තිබුනා යැයි කියන විශ්මයජනක සමානකම් සැබෑවක්ද? මිත්‍යාවක්ද? (Lincoln And Kennedy)

ලින්කන් සහ කෙනඩි අතර තිබුනා යැයි කියන විශ්මයජනක සමානකම් සැබෑවක්ද? මිත්‍යාවක්ද? (Lincoln And Kennedy) - Your Choice Way

හිටපු එක්සත් ජනපද ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වීමත් සමග බොහෝ පුද්ගලයන් විසින් එම ඝාතනය මනෝ විද්‍යාවට අදාල කරුණු සමග සම්මිශ්‍රණය කිරීමටත් අහඹු සිදුවීම් මත පදනම්ව කල්පිතයන් ගොඩ නැංවීමටත් පටන් ගන්නා ලදී. එමෙන්ම එම ඝාතනයට අදාළ දිනයන්, නම් සහ ස්ථාන තවත් ඝාතනය වූ එක්සත් ජනපද හිටපු ජනපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් සමඟද බොහෝ දුරට ගැලපෙන බවට විශාල වශයෙන් මත පල විය. කෙසේ වෙතත් ඒවායින් බොහෝමයක් කටකතා පමණක් වන අතර ඊට අමතරව එලෙස ගැලපෙන ලද සමහරක් කරුණු පිළිබඳව අද අප අවධානය යොමු කරමු.

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ් කෙනඩි අතර පැවති කාලරාමු වල සහ ස්ථාන වල තිබූ ගැලපීම හැරුණුකොට ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම වෙනස් දේශපාලන චරිත දෙකක් විය. එනම් ලින්කන්ගේ දිවිය තුළ ඔහු පරාජයන් රැසක් අත්විඳි අතර එහෙත් කෙනඩි ඉතා පහසුවෙන් සාර්ථකත්වයට ළඟා වූ අයෙකි.

ලින්කන් යනු ඉලිනොයිස් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයෙකි.  ඔහු 1846 දී කොන්ග්‍රසයේ ධුරයක් හොබවනු ලැබීය. ඒ හැරුණුකොට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෑම මැතිවරණයක්ම ඒබ්‍රහම් ලින්කන් පරාජයට පත් විය. ඔහු 1854 සහ 1858 දී දෙවරක් සෙනෙට් සභාවේ මැතිවරණය ජය ගැනීමට උත්සාහ කළේය. අවාසනාවකට මෙන් ලින්කන් ඒ දෙවතාවේම අසමත් විය.  1856 දී ඔහු රිපබ්ලිකන් උප ජනාධිපති ධුරය දැරීමේ නාමයෝජනා තේරීමෙන්ද පරාජයට පත් විය. නමුත් ඔහු 1860දී පැවති ජනපතිවරණයෙන් ජය ගැනීමට සමත් විය.

අනෙක් පැත්තෙන් කෙනඩි දේශපාලන ජයග්‍රහණ පිළිබඳ ස්ථාවර වාර්තාවක් තැබීමට සමත් විය. කෙනඩි සිය දේශපාලන වෘත්තීය ජීවිතය ආරම්භ කළේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ය. 1946 වන විට ඔහු කොන්ග්‍රස් ධූරයක් දැරීමට සමත්විය. කෙනඩි ඉන් පසු දෙවතාවක් එනම් 1948 සහ 1950 දී එම  සභාවට නැවත තේරී පත් වීමට සමත් විය. 1952 දී කෙනඩි සෙනෙට් ආසනයක් දිනා ගැනීමට සමත් විය. 1960 දී එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වන තෙක් ඔහු 1958 දී නැවත සෙනෙට් සභාවට තේරී පත් වීමට සමත් විය.

මෙලෙස සැලකීමේදී මොවුන් දෙදෙනා අතර තිබුණා යැයි කියන සම්බන්ධතාවය මාධ්‍ය විසින් හුදෙක් උලුප්පා පෙන්වන ලද දෙයක් යැයි බොහෝ මත පල වේ. එවැනි එක් ප්‍රසිද්ධ සිද්ධාන්තයක් වුයේ ඔවුන් දෙදෙනා ජනාධිපති ධුරයට පත් වූ වර්ෂ වල වෙනස 100ක් වීමයි. එහෙත් තර්කානුකූලව කිවහොත් ලින්කන් සහ කෙනඩි ජනාධිපතිවරණයට පත් වූ වර්ෂයන් අහම්බයක් නොවේ. 1860 දී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ලෙස තේරී පත් වූ අතර ජෝන් එෆ්. කෙනඩි 1960 දී ජනාධිපති ධුරයට පත් වීමට සමත් විය. ඇමරිකානු ජනාධිපතිවරණයක් සෑම වසර හතරකට වතාවක් පැවැත්වෙන නිසා මෙය අහම්බයක් නොවේ. 

මෙම ජනාධිපතිවරු දෙදෙනාම වසර අටක් ක්‍රියාකාරීව දේශපාලනයේ නිරත වී ඇත. නමුත් ඔබ අතීතය සෝදිසි කර බැලුවහොත් එය එතරම් සිදු වීමක් නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. 

ඊට අමතරව ඔවුන් ගොඩනගන ලද ඔවුන් දෙදෙනා අතර තිබුණේ යැයි කියන තවත් සමානතාවක් වූයේ මේ දෙදෙනාගේ නමෙහි අකුරු වල එකතුව සමාන වීමයි. එනම් Lincoln ලෙස සහ Kennedy ලෙස ලිවීමේදී එම නම් දෙකටම අකුරු හතක් යෙදෙන බැවින් එයද සමානකමක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. නමුත් එහිදී මොවුන්ට මඟහැරුණු දෙය වූයේ කෙනඩිට, ෆිට්ස්ජෙරල්ඩ් (Fitzgerald) නම් මැද නමක් තිබීම සහ ලින්කන්ට එවැනි නමක් නොතිබීමයි. එමෙන්ම මෙම ජනාධිපතිවරුන් දෙදෙනාගේ මුල් නම් වල කිසිදු ගැලපීමක් නොමැත.

එමෙන්ම ලින්කන් සහ කෙනඩි යන ජනපතිවරුන් දෙදෙනාම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබීමද ඔවුන් දෙදෙනා අතර පැවති සමානකමක් ලෙස බොහෝ දෙනා ප්‍රකාශ කොට සිටී. නමුත් ඉදිරි මැතිවරණයකට, එසේත් නැතිනම් ජනපතිවරණයකට ඉදිරිපත් වීමට සිටින අපේක්ෂකයන් දෙදෙනෙක් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම එතරම් පුදුම සහගත දෙයක් නොවේ.

ඊට අමතරව තවත් සමානකමක් වූයේ මේ ජනාධිපතිවරුන් දෙදෙනාගේම දරුවන් ඔවුන් ධවල මන්දිරයේ සිටියදී මිය යාමයි. මෙයත් බොහෝ දුරට අහඹු සිදු වීමක් ලෙස දැක්විය හැකිය. ඒබ්‍රහම් ලින්කන්ට පිරිමි ළමයි දෙදෙනෙක් සිටින ලදී. නමුත් ඔහුගේ එක් දරුවකු මිය ගියේ ඔහු ධවල මන්දිරයට පැමිණීමට පෙරාතුවය. ඔහුගේ සිව් හැවිරිදි දරුවා වූ එඩ්වඩ් ලින්කන් 1850 දී ක්ෂය රෝගයට ගොදුරු වී මිය යන ලදී. ඊට වසර කිහිපයකට පසු එනම් ලින්කන්ගේ ධවල මන්දිරයේ පළමු ධූර කාලය තුළදී, ලින්කන්ට ඔහුගේ එකොළොස් හැවිරිදි දරුවා වූ විලී ලින්කන් උණ සන්නිපාතයට ගොදුරු වී අහිමි වෙන ලදී. ඒ හා සමානවම ජෝන් එෆ්. කෙනඩිගේ දරුවා වූ පැට්‍රික් බුවියර් කෙනඩි උපතින් දින දෙකකට පසු එනම් 1963 දී මිය යන ලදී.

ඊට අමතරව මේ ජනාධිපතිවරුන් දෙදෙනාම මිය ගිය ආකාරයේද සමානකම් පවතින බවට බොහෝ මත පල වේ. මොවුන් දෙදෙනාම මිය ගියේ හිසට වැදුනු වෙඩි පහරකිනි. එහෙත් තර්කානුකූලව බැලුවහොත් වෙඩි වදින විට මොවුන් දෙදෙනාම වාඩි වී සිටි අතර එම නිසා වෙඩික්කරුට ඔහුගේ පහසුම ඉලක්කය වන්නට ඇත්තේ ඔවුන්ගේ හිසය. ඝාතකයා අනිවාර්යය මරණයක් අපේක්ෂාවෙන් වෙඩි තැබූ නිසා ඔහු හිසට ඉලක්කය ගන්නට ඇත. මේ ජනාධිපතිවරුන් දෙදෙනාම මිය ගිය දවස සැලකීමේදී, දෙදෙනාම මිය ගොස් ඇත්තේ සිකුරාදා දවසකය.

තවත් සමානකමක් වන්නේ මේ ජනාධිපතිවරුන් දෙදෙනාම මිය ගිය පසු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් වූ පුද්ගලයන් දෙදෙනාගේ නම්ද සමාන වීම සහ ඔවුන් දෙදෙනාම දකුණු ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වීමය. නමුත් "ජොන්සන්" යනු ඇමරිකාවේ බහුලව භාවිතා වන වාසගමකි.  එක්සත් ජනපදයේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ නම වන්නේ ජොන්සන් ය. ඊට අමතරව ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාද දකුණු ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකි. එම නිසා ඔවුන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට එම ප්‍රදේශයේම පුද්ගලයකු යෙදවීම අහම්බයක් නොවේ.

ජෝන් විල්ක්ස් බූත් විසින් ඒබ්‍රහම් ලින්කන් සහ ලී හාවි ඔස්වල්ඩ් විසින් ජෝන් එෆ් කෙනඩිද මරා දමන ලදී. මෙම ඝාතකයින් දෙදෙනාද  උපත ලබා ඇත්තේ අවුරුදු 100ක පරතරයක වෙනසකිනි. එනම් ඔස්වල්ඩ් 1939 දී උපත ලැබූ අතර 1839 දී බූත් උපත ලැබීය. බූත් විසින් ලින්කන්ව රඟහලකදී මරා දමා ගබඩාවකට පැන යන ලදී. ඔස්වල්ඩ් විසින් ජනපති කෙනඩිට වෙඩි තැබීමට ඉලක්කය ලබා ගත්තේ ගබඩාවක් තුළ සිටය. පසුව ඔස්වල්ඩ් ජෝන් එෆ් කෙනඩි ඝාතනය කිරීමෙන් පසුව රංග ශාලාවක් තුළට පැන යන ලදී. එමෙන්ම මෙම ඝාතකයන් දෙදෙනාම ටික කලකට පසු ඝාතනයට ලක් විය.

කෙනඩි සහ ලින්කන් යනු සැබැවින්ම වෙනස් දේශපාලන චරිත දෙකක් විය. නමුත් ලේඛකයන් සහ මාධ්‍යවේදීන් මොවුන් දෙදෙනා තුළ තිබුණා යැයි කියන සමානකම් බොහෝ විට ප්‍රචාරය කළ අතර එයට හේතුව වුයේ මහජනයාද එවැනි තොරතුරු දැන ගැනීමට ඉතා ආශා වීමය. නමුත් මෙහි සදහන් දිනයන් සහ කරුණු පිළිබඳව හොදින් අවධානය යොමු කළ හොත් මේ කරුණු බොහොමයක් අහම්බයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලින්කන් සහ කෙනඩි අතර තිබුනා යැයි කියන විශ්මයජනක සමානකම් සැබෑවක්ද? මිත්‍යාවක්ද? (Lincoln And Kennedy) ලින්කන් සහ කෙනඩි අතර තිබුනා යැයි කියන විශ්මයජනක සමානකම් සැබෑවක්ද? මිත්‍යාවක්ද? (Lincoln And Kennedy) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment