කිරිපළු (Kiripalu - Buchanania Axillaris)

කිරිපළු (Kiripalu - Buchanania Axillaris) - Your Choice Way

🌿 මෙය මධ්‍යම ප්‍රමාණයේ දේශීය බහුවාර්ෂික ශාකයකි. සාමාන්‍යයෙන් අඩි 10-15 අතර උසැතිය.

🌿 මෙම ශාකයේ ළපටි කොටස් සිනිඳුය. පත්‍ර සරලය. අඟල් 3-6 දක්වා දිගැතිය. ඒවායේ හැඩය ආයතය. පත්‍ර චර්මලය, සිනිඳුය, දිලිසෙන ස්වභාවයෙන් යුක්තය. පත්‍ර අග්‍රය තීව්‍රය. සම්පූර්ණය.

🌿 පුෂ්ප කුඩාය, ද්වීලිංගිකය, සුදු පාටය, කුඩා කක්ෂීය සං යුක්ත ඒකාක්ෂවල පුෂ්ප තදබතව පිහිට ඇත. පුෂ්පයක දල පහකි. රේණු දහයකි. කීලය කෙටිය. මේ පුෂ්ප හට ගන්නේ අප්‍රේල් මාසයේය.

🌿 ලංකාවේ පහතරට ප්‍රදේශවල මේ ශාකය විරලය. යාපනය, හල්දුම්මුල්ල, මොරවක් කොරලය, හන්තාන හා උඩපේරාදෙණිය යනාදී ප්‍රදේශවල කිරිපළු හමුවේ. මේ ශකය දකුණු ඉන්දියාවේද දක්නට ලැබේ.

🌿 මෙරට වැවෙන කිරිපළු ශාකය ඉන්දියාවේ වැවෙන කිරිපළු ශාකයේ පත්‍රවලට වඩා ඝනය.

🌿 එසේම ඵලයද වඩා ලොකුය. මෙහි ඵලය අෂ්ටිලයකි. එය අඟල් 1/2 පමණ දිගය. කිරිපළු Anacardiaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල “රාජායතන“, “ක්ෂීරි“, “ක්ෂීරවෘක්ෂ“ යන නම්වලින් කිරිපළු හැඳින්වේ.

🌿 කිරිපළු මධුරය, පැ සීමේදී ඇඹුල් වෙයි. වා, පිත්, මේහ නසයි. ආහාර රුචිය වඩයි, තෘප්තිකරය, හෘදයට හිතකරය, සිනිඳුය.

🌿 කිරිපළු ශීතය, ශරීරයේ විවිධාකාර දැවිලි, අවසිහිය, කරකැවිල්ල, ලේ දෝෂ, තුන් දොස්කිපීමෙන් ඇති වූ දෝෂ සමනය කරයි.

මූලාශ්‍ර “ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය (සරත් රණවීර සහ රේ ඛා රණවීර) සේයාරූ අන්තර්ජාලයෙන්

කිරිපළු (Kiripalu - Buchanania Axillaris) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරිපළු (Kiripalu - Buchanania Axillaris) කිරිපළු (Kiripalu - Buchanania Axillaris) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment