Inguru Wage Song Lyrics - ඉඟුරු වගේ ගීතයේ පද පෙළ

Inguru Wage Song Lyrics - ඉඟුරු වගේ ගීතයේ පද පෙළ
Song Title : Inguru Wage (ඉඟුරු වගේ)
ගායනය : දමිත් අසංක


ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවා
නෙල්ලි ගහට පිස්සු හැදිලා වැලි වාගේ වැටෙනවා
මාල ගිරව් ප්‍රේම ගීත පැලට උඩින් ගයනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

රතු හාලේ නාඩු බතට මිරිස් මාළු ඉදෙනවා
මෑ වැල් වල කරල් පිරිලා ඒවා එතන පැහෙනවා
සිදාදියට එක්ක යන්න කාසි මටත් තියෙනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Inguru Wage Song Lyrics - ඉඟුරු වගේ ගීතයේ පද පෙළ Inguru Wage Song Lyrics - ඉඟුරු වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment