Hath Muhudin Epita Guguruwa Song Lyrics - හත් මුහුදින් එපිට ගුගුරුවා ගීතයේ පද පෙළ

Hath Muhudin Epita Guguruwa Song Lyrics - හත් මුහුදින් එපිට ගුගුරුවා ගීතයේ පද පෙළ
Song Title : Hath Muhudin Epita Guguruwa (හත් මුහුදින් එපිට ගුගුරුවා)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දී
සුද්දො ආවෙ රට කරන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

ඇත් දත් ගම්මිරිස් කුරුඳු
මැණික් අරන් එතෙර යන්න
ලක් මවුනගෙ දරු පැටවුන්
වහල් කමේ තියාගන්න
වැව් බිඳ රන්කොත බිම ලා //
දා ගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

යෝධ කඳු වළලු වටලා
වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා
එතෙර එදේශෙට යවන්න
ඉර නොබහින පොළොව වටේ //
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

සත්තු වගේ මඩ කා ගෙන
දිව කා ගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට
ජීවත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා //
පය පාමුල වාල් වෙන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දී
සුද්දො ආවෙ රට කරන්න
මහත්වරුනි පේනවාද
අදත් එනවා රට කරන්න
අදත් එනවා රට කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hath Muhudin Epita Guguruwa Song Lyrics - හත් මුහුදින් එපිට ගුගුරුවා ගීතයේ පද පෙළ Hath Muhudin Epita Guguruwa Song Lyrics - හත් මුහුදින් එපිට ගුගුරුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment