Chandra Madulu Yata Song Lyrics - චන්ද්‍ර මඬුළු යට ගීතයේ පද පෙළ

Chandra Madulu Yata Song Lyrics - චන්ද්‍ර මඬුළු යට ගීතයේ පද පෙළ
Song Title : Chandra Madulu Yata (චන්ද්‍ර මඬුළු යට)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහින්ද අල්ගම
තනුව : විශාරද නන්දා මාලිනී


චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොමවන්නේ
සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Madulu Yata Song Lyrics - චන්ද්‍ර මඬුළු යට ගීතයේ පද පෙළ Chandra Madulu Yata Song Lyrics - චන්ද්‍ර මඬුළු යට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment