Dewole Nokalal Song Lyrics - දෙවොලේ නොකැළැල් ගීතයේ පද පෙළ

Dewole Nokalal Song Lyrics - දෙවොලේ නොකැළැල් ගීතයේ පද පෙළ
Song Title : Dewole Nokalal (දෙවොලේ නොකැළැල්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන
ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 1981 "චන්ද්‍ර මඬල" කැසට් පටයට සහ 2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 1" කැසට් පටය හා සංගත තැටියට ඇතුළත් වුණා.


දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewole Nokalal Song Lyrics - දෙවොලේ නොකැළැල් ගීතයේ පද පෙළ Dewole Nokalal Song Lyrics - දෙවොලේ නොකැළැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment