Lenchina Mage Nangiye Song Lyrics - ලෙන්චිනා මගෙ නංගියේ ගීතයේ පද පෙළ

Lenchina Mage Nangiye Song Lyrics - ලෙන්චිනා මගෙ නංගියේ ගීතයේ පද පෙළ
Song Title : Lenchina Mage Nangiye (ලෙන්චිනා මගෙ නංගියේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” සින්ග්ලංකා කැසට් පටයටත් 2004 දී “සුවඳ මුවරද” ටොරානා සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //

පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //

පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lenchina Mage Nangiye Song Lyrics - ලෙන්චිනා මගෙ නංගියේ ගීතයේ පද පෙළ Lenchina Mage Nangiye Song Lyrics - ලෙන්චිනා මගෙ නංගියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment