Bosath Kula Athano Song Lyrics - බෝසත් කුල ඇතාණෝ ගීතයේ පද පෙළ

Bosath Kula Athano Song Lyrics - බෝසත් කුල ඇතාණෝ ගීතයේ පද පෙළ
Song Title : Bosath Kula Athano (බෝසත් කුල ඇතාණෝ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
2005 වසරේදී නිකුත් වූ "අලුත් වැස්සක්" සංයුක්ත තැටිය හා කැසට් පටයට මේ ගීය ඇතුළත් විය.


බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ //
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

වැඩම කළත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතානෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් හබයක් නැති ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ //
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bosath Kula Athano Song Lyrics - බෝසත් කුල ඇතාණෝ ගීතයේ පද පෙළ Bosath Kula Athano Song Lyrics - බෝසත් කුල ඇතාණෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment