Araliya Landata Song Lyrics - අරලිය ලන්දට ගීතයේ පද පෙළ

Araliya Landata Song Lyrics - අරලිය ලන්දට ගීතයේ පද පෙළ
Song Title : Araliya Landata (අරලිය ලන්දට)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ විජේසිරි


අරලිය ලන්දට - සඳ පායන කොට
තුරුලිය මල් වට - බඹරු බමන විට
සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා

රඹවන් හේනේ - කරල් පැසෙන කොට
අඹ මල් ගානේ - ගිරව් හඬන විට
දොඹ තුරු මානේ - සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා - එතකොට
සි ති විලි ඉගිලෙනවා

අරලිය ලන්දට - සඳ පායන කොට
තුරුලිය මල් වට - බඹරු බමන විට
සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා //

දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ - තරු පායන විට
හැඬුමට නොහැකිව - දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට
සි හි නය උපදිනවා

අරලිය ලන්දට - සඳ පායන කොට
තුරුලිය මල් වට - බඹරු බමන විට
සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Araliya Landata Song Lyrics - අරලිය ලන්දට ගීතයේ පද පෙළ Araliya Landata Song Lyrics - අරලිය ලන්දට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment