දවසේ වැදගත්කම - මාර්තු 15 ලෝක පාරිභෝගික හිමිකම්‌ දිනය (Significance Of The Day - March 15 World Consumer Rights Day)

දවසේ වැදගත්කම - මාර්තු 15 ලෝක පාරිභෝගික හිමිකම්‌ දිනය (Significance Of The Day - March 15 World Consumer Rights Day 2022) - Your Choice Way

වර්තමානයේ අන්තර්ජාතිකව පිළිගත් පාරිභෝගික අයිතිවාසිකමි වල උත්පත්තිය ඇමරිකාව වුවද අතීතයේ එනම් රජ සමයේ පටන් අප රටේ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වී තිබූ බවට බොහෝ පුරාණ ග්‍රන්ථ හා සෙල්ලිපි සාක්ෂි දරයි. ඒ කෙසේවුවද වර්තමානයේ පවතින ප්‍රධාන ගැටළුව වනුයේ පාරිභෝගිකයන් තම අයිතාවාසිකම් පිළිබද දැනුවත් නොවීම හා තම අයිතිවාසිකම් පිළිබද පාරිභෝගිකයා උනන්දු නොවීමයි.“දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකු යන්න” ප්‍රකට කියමනක් වුවද අප රටේ පාරිභෝගිකයා දැනුවත් නැත.සෑම වසරකම මාර්තු 15 දිනට ලෝක පාරිභෝගික දිනය යෙදී ඇත. මෙවර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය 2019 අපේ තේමාව වනුයේ විශ්වාසදායි ස්මාර්ට් නිෂ්පාදන. (Trusted Smart Products) පාරිභෝගිකයින්ට අවශ්‍ය හා අවශ්‍ය වන්නේ කුමක්ද යන්නත්, මෙම ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සංවර්ධනය කිරීමේ  වැදගත්කම කොතරම්ද යන්න අවධාරණය කිරීම

පාරිභෝගිකයාට ඇති අයිතිවාසිකම් මොනවාද?
පාරිභෝගික අයිතිවාසිකම් රාශියක් ඇත. ඒවා අතර ප්‍රධාන අයිතිවාසිකම් ලෙස

■ මූලික අවශ්‍යතා
පාරිභෝගිකයන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර,ජලය,ඇදුම්,නිවාස,සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක් රැකියාවක්

■ රැකවරණය නොහොත් සුරක්ෂිතභාවය
සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන් වෙළදාමෙන් ආරක්ෂාවීමට අයිතිය

■ තොරතුරු
වංක හෝ නොමග යවන සුළු දැන්වීමෙන්හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය

■ තෝරා ගැනීම
යහපත් ප්‍රමිති හා පිළිවිතර වලින් යුත් තරගකාරී මිල ගණන්වලට නිෂ්පාදන හා සේවා තෝරාගැනීමේ අයිතිය

■ සවන් යොමු කරවා ගැනීම
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් ප්‍රකාශකිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමේ අයිතිය

■ සහන පිළියම්
ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සිදුවෙන අසහනයට වන්දි හෝ සහන ලබාගැනීමේ අයිතිය

■ පාරිභෝගික අධ්‍යාපනය
දැනුවත් හා සබුද්ධික පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම සහ කෞශල්‍යය අත්කර ගැනීමේ අයිතිය

■ සුවදායක පරිසරය
ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නාවූ ද අභිමානවත් හා යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නාවූ ද පරිසරයක ජීවත්විමට ඇති අයිතිය

■ සංවිධානයවීමට ඇති අයිතිය
තම අයිතිවාසිකම් දිනා ගැනිම සදහා සංවිධානය විමට ඇති අයිතිය

පාරිභෝගිකයා දැනුවත්විය යුත්තේඇයි?
වෙළදපොළ ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිමකර ගැනීම සදහා කටයුතු කරනවා විනා පාරිභෝගික සුභසාධනය ගැන නොසිතයි. එම නිසා පාරිභෝගිකයා දැනුවත් නොවී සිටිම මගින් පාරිභෝගිකයා නිරතුරුවම රැවටීමට ලක්වීමක් සිදුවේ .වෙළද පොලෙන් භාණ්ඩ හා සේවා ලබාගෙන පරිභෝජනය කිරීම මගින් පාරිභෝගිකයා තම අවශ්‍යතා සපුරා ගනී.එසේ මිලදී ගනු ලබන භාණ්ඩ මස් හා මස් ආශ්‍රිති නිෂ්පාදන,කිරිආහාර,සිසිල්බීම, පළතුරු,තෙල් වර්ග ආදී භාණ්ඩ ලෙස හැදින් විය හැක. මිල දී ගනු ලබන මෙම භාණ්ඩ පිළිබද පාරිභෝගිකයාට කිසිම අවබෝධයක්නොමැත.මෙහි වඩාත් භයානකම තත්වය වන්නේමෙම භාණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ සදහා ඇතුලත්කර ඇති ශරීරයට අහිතකර රසකාරක පිළිබද පාරිභෝගිකයා නොදැන සිටිමයි.එම නිසා පාරිභෝගිකයා තම අයිතිවාසිකම්   පිළිබදව මෙන්ම තමන් මිලදි ගනු ලබන භාණ්ඩ පිළිබදව ද දැනුවත් විය යුතුය.

පාරිභෝගිකයින් ආරක්ෂා කිරිම සදහා  ලංකාවේ ඇති නීති මොනවද ?
පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා රජය විසින් විවිධ නිති සකසා ඇත.සමහර නීති පාර්ලිමේන් තුව විසින් සකසා සම්මත කර තිබෙන අතර සමහර නීති අදාල අමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාර යෝග ලෙස සකසා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන නීතිය වන්නේ 2003  ජනවාරී මස 9 වන දා පාර්ලිමෙන්තුවේ  දී සමම්මත කර ගන්නා ලද 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතයි.

මෙම පනත ක්‍රියාත්මකවීමත් සමගම එතෙක් පැවැති
  • 1979 අංක 1 දරණ පාරිභෝගික ආරක්ෂකපනත
  • 1987 අංක 1 දරණ සාධාරණ වෙළද කොමිෂන් සභාපනත හ
  • 1950 මිල පාලනපනත(73 වනඅධිකාරය)අහෝසි කරන ලදී

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පාරිභෝගික ආරක්ෂාව සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලදී. එම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපල වලට උපදාවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම,අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හා පාරිභෝගික අයිතිවාසිකම් වලට නිසි සැළකිල්ලක් දැක්වීම සහතිකවීමයි.

 හැකි සෑමවිටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ශයක් ලබා දීමට සහතිකවීම,අසාධාරණ වෙළද පිලිවෙත් සීමිත වෙළද පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත්යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව සහනයක් ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කරනු ලබයි.

යම් අසාධාරණයකට ලක්වුනු පාරිභෝගිකයෙකු ඒ පිළිබද පැමිණිලි කළයුත්තේ කුමන ආයතනයටද?
භාණ්ඩ හා සේවාවක් මිලදී ගනු ලැබූ පාරිභෝගිකයෙකු යම් අසාධාරණයකට හෝ රැවටීමට ලක්වුනි නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පිහිටවු පාරිභෝගික කටයුතු අධිකාරියට අදාල භාණ්ඩය මිළදීගෙන මාස 03 ක් ඇතුලත තමන් මිලදීගත් භාණ්ඩයේ ලදු පතත් සමග ලිඛිතව පැමිණිල්ලක් කළ හැක. පාරිභෝගික කටයුතු අධිකාරියේ ලිපිනය වන්නේ“අධ්‍යක්ෂක ජෙනරාල්”පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, අංක 27 වොක්ෂෝල් විදිය, කොළඔ 02. යන්නය.විශේෂයෙන් ලංකාවේ අලෙවි කරනු ලබන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සදහා මාස 06 ක අවම වගකීමේ කාලයක් ලබාදීම අනිවාර්යවේ .

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මාර්තු 15 ලෝක පාරිභෝගික හිමිකම්‌ දිනය (Significance Of The Day - March 15 World Consumer Rights Day) දවසේ වැදගත්කම - මාර්තු 15 ලෝක පාරිභෝගික හිමිකම්‌ දිනය (Significance Of The Day - March 15 World Consumer Rights Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment