Wunda Wanaye Song Lyrics - වෘන්දා වනයේ ගීතයේ පද පෙළ

Wunda Wanaye Song Lyrics - වෘන්දා වනයේ ගීතයේ පද පෙළ
Song Title : Wunda Wanaye (වෘන්දා වනයේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ගීතනාත් කුඩලිගම
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුනා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

මදන මහීපති හී සර ජාලේ
රඳවා ඔබගේ නයන සරෝජේ //
පෑ සෙනෙහේ මේ යහනේ
රාධා කෝ මාගේ

වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුනා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

මදන රණෝචිත චන්දන හෙවනේ
නූපුර නාදේ මේ වන අරණේ //
නෑ ඇසුනේ පෙර වාගේ
රාධා කෝ මාගේ

වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුනා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wunda Wanaye Song Lyrics - වෘන්දා වනයේ ගීතයේ පද පෙළ Wunda Wanaye Song Lyrics - වෘන්දා වනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment