බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu)

බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් වේලාගත් බිලිං අහුරු 4 ක් (බිලිං ගෙඩිය හතරට පලල ලුණු කුඩු ටිකක් දාල හොඳට සැර අව්වේ වේලන්න.බිලිං මිරිකන්න එපා. මම නම් ලුණු දාන්නෙ නැතුව තමයි වේල ගත්තෙ)
  • විනාකිරි ලීටර් 1
  • ලොකු ළූණු  250 g
  • රතුළූණු 200 g
  • අමුමිරිස්  50 g
  • හාල්මැස්සන් 50 g (පොඩි හාල්මැස්සන්)
  • ලුණු ටිකක්
  • අබ මේස හැඳි 2
  • උම්බලකඩ කුඩු මේස හැඳි 5
  • බැදගත් මිරිස් කරල් 10 ක් 15 ක්
  • කහ තේ හැඳි 1/2
  • සූදුරු තේ හැඳි 1
  • කොත්තමල්ලි තේ හැඳි 1
  • ගම්මිරිස්කුඩු මේස් හැඳි 2
  • තෙල් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ ප්‍රථමයෙන්ම ලොකුළූණු ටික හතරට පලාගෙන රතුළූණු ටික සුද්ද කර ගෙන සෝද ගන්න. 
  2. ♦️ අමු මිරිස් කරල් ටික දෙකට පලන්න.මතක තියා ගන්න.වෙන් වෙන ලෙස පලන්න එපා.
  3. ♦️ දැන් මැටි ඇතිලියක් ලිපේ තියල තෙල් දාන්න. තෙල් ටික රත් උනාම ලොකු ළූණු සහ රතු ළූණු ටික දාල බැද ගන්න. (ගොඩක් අය ළූණු බදින්න ගිහින් ළූණු ටික කර කර ගන්නවා. ලිපේ ගින්දර හෝ ගාල දාන්නෙ නැතුව පරිස්සමට බැද ගන්න. මොකද ළූණු ටික පිච්චිලා ගියොත් හදන කෑම වල කොලිටි එක සම්පූර්ණයෙන්ම විනාශ වෙනව ඒකයි)
  4. ♦️ මේ විදියටම අමුමිරිස් ට්කයි බිලිං ටිකයි වෙන් වෙන්ව බැද ගන්න. (බිලිං ටික බඳින කොටත් ඒක පිච්චිලා යන්න බදින්න එපා හරිම පරිස්සමෙන් කරන්න ඕන.මොකද මමත් කලබලකාරී ලෙස කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බිලිං ටික කර කුට්ටන් වෙලා යනවා.)
  5. ♦️ අන්තිමටම හාල්මැස්සො ටික බැද ගන්න.හාල්මැස්සන් ඉස්සෙල්ලාම බැදල ඒ තෙල් එකේම ළූණු එහෙම බඳින්න ගියාම කොලිටි එක නැති වෙනවා.
  6. ♦️ ඊළඟට අබ සහ බැදගත් මිරිස් සහ ලුණු විනාකිරි වලින් අඹර ගන්න. (මතක තියා ගන්න අච්චාරුවක රස එන්න නම් හොඳ විනාකිරි එකක් තියෙන්නම ඕන.මම මාතර නිසා මම නම් ගන්නෙම කිතුල් විනාකිරි)
  7. ♦️ දැන් කහ,ගම්මිරිස් කුඩු, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ දමා බිලිං ටික එකතු කරන්න. එයට රතුළූණු, අමුමිරිස් සහ ලොකු ළූණු එකතු කරල හොඳින් කවලම් කරන්න. මතක තියා ගන්න අතින් ඕන කවලම් කරන්න
  8. ♦️ දැන් ඉතින් මේක හොඳ මැටි භාජනයකට දා ගන්න.(වීදුරු භාජන වල දාන්න එපා). මම නම් මැටි මුට්ටියකට දාල වහන්තරාවක් දැම්මා ඒ කියන්නෙ කඩදාසියක් තියල ඊට උඩින් පොලිතින් කවරයක් තියල රබර් බෑන්ඩ් එකක් දැම්ම. දැන් මේක මාස දෙකක් තුනක් තියාගෙන කන්න පුළුවන්.
♦️ බත් උයල අල වෑංජනයක් හදල,බටු දැවටෙන්න උයල,දඹල කොළයි වැල් දෙඩම් මෝරපු නැති කොළයි එකට දාල මැල්ලුමක් හදල මේ බිලිං අච්චාරු පොඩ්ඩක් එක්ක කාල බලන්නකො රස 😋😋😋

♦️ බිලිං අච්චාරු හදන තව ක්‍රම ගොඩක් තියනවා.මේ එක ක්‍රමයක්.තව හාල්මැස්සො නොදා හදන්නත් පුළුවන්.ඒ වගේම බිලිං තම්බල ඒ වගේම ලුනිජ්ජ එකතු කරල හදා ගන්නත්  පුළුවන්.

👹👹️👹️️ හැබැයි බිලිං කියන්නෙ හරිම උෂ්ණාධික කෑමක්.කටට නම් රසයි තමයි.ඒ උනාට වැඩිපුර කන්න යන්න එපා හරිනේ.. 

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) - Your Choice Way

බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) - Your Choice Way

බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) බිලිං අච්චාරු හදමු (Bilin Achcharu Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment