මියගිය තරුණිය හා ඇවිලුණු රාගය (Women In Car)

මියගිය තරුණිය හා ඇවිලුණු රාගය (Women In Car) - Your Choice Way

ඇඹිලිපිටිය නගරගේ සිට එක්තරා දුශ්කර ගම්මානයකට එම්බාම් කරන ලද මිනියක් රාත්‍රි කාලයේදි ගෙන ගොස් පාන්දර නිවසට බාරදීමට තිබුනි. කලින් පිටත් වීමට තිබුනද වෙනත් කාර්‍යකට ගොස් තිබු රියදුරුට මේ සදහා පිටත් වීමට සිදුවූයේ පාන්දර වන්නට කිට්ටු වනවිටය.

ඔහු මල්ශාලාවට පැමිනෙන විට එම්බාම් කරන ලද මිනිය හර්ස් එකට පටවා තිබූ නිසා ඔහු තනියම එය රැගෙන කලුවරේම පිටත් උනි. කි.මී කීපයක් යනවිට පාර අයිනේ බස් නැවතුමක සිටි තරුනියක් ඔහුගේ නෙතගැටුනු නිසාවෙන් ඔහු වාහනය නවතා ඇයට යාමට අවශ්‍ය ස්ථානය විමසුවේය. පුදුමයකට මෙන් ඔහුට මිනිය ගෙනගොස් බාරදීමට තිබූ නිවස කිට්ටු ගෙදරකටයි ඇයටත් යාමට අවශ්‍ය වූයේ.

ඔහුද එම ප්‍රදෙශය නොදත් නිසාත් තනිවමය යන නිසාත් එම තරුනියවද හර්ස් රථයට නග්ගාගෙන පිටත් උනු. සැබවින්ම සුරූපි තරුනියක් වූ ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බව පැවසීය. තරුන වයසෙහි වූ දෙදෙනා අතර පැය කීපයක් වූ කතාබහෙන් ඔවුන් එකිනෙකාට සමීප විය. පාන්දර සීතලත් තරුන හැගුමනුත් එකට කැටිවූ මොවුන් දෙදෙනා අතර රාගය ඇවිලෙන්නට විය. කැලෑබද පෙදෙසක නතර වූ වාහනය තුල දෙදෙනාම අඹුසැමියන් ලෙස හැසිරුනි.

පැයකට පමන පසු එලිය වැටීම නිසා මොවුන් යලි ගමන් ඇරඹි අතර අදාල මරණය සිදුවී ඇති නිවස පිහිටි පාර අසලට ඔවුන් පැමිනියේය. තමා මෙතනින් බැසිය යුතු බව පැවසූ තරුනිය තම දුරකථන අංකයද රියදුරුට ලබාදී ඔහු යා යුතු නිවසද පෙන්වීය. ඇයට සමුදීමෙන් පසු ඔහු අදාල නිවසට පැමිණ නෑයන්ගේ මරලතෝනි අස්සේම මිනිය බහාලු පෙට්ටිය ඔවුන්ට ලබාදුනී.

නිවසේ අයවලුන් ඔහුට සංග්‍රහ කිරීමෙන් අනතුරුව ඔහු පිටත් වීමට සූදානම්ව සාලයට ගොස් මිනියට අවසන් ගෞරව දැක්වීමට සිතීය. තමා ගෙන ආ මිනිය තවමත් නොදැක සිටි නිසාවෙන් ඔහු එය බැලීමට සාලයට ගියේය. මිනිය දෙස බැලු ඔහුගේ ඇග සීතල විය කකුල් අප්‍රානික විය ක්ලාන්ත වන ගතියක් දැනිනි. මිනිපෙට්ටිය තුල වූයේ ඔහු හා එක මග පැමිනි තරුනියයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මියගිය තරුණිය හා ඇවිලුණු රාගය (Women In Car) මියගිය තරුණිය හා ඇවිලුණු රාගය (Women In Car) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment