Sulan Kapolle Song Lyrics - සුළං කපොල්ලේ ගීතයේ පද පෙළ

Sulan Kapolle Song Lyrics - සුළං කපොල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sulan Kapolle (සුළං කපොල්ලේ)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද : සුනිල් ආරියරත්න


සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulan Kapolle Song Lyrics - සුළං කපොල්ලේ ගීතයේ පද පෙළ Sulan Kapolle Song Lyrics - සුළං කපොල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment