Mage Deshaya Song Lyrics - මගේ දේශය ගීතයේ පද පෙළ

Mage Deshaya Song Lyrics - මගේ දේශය ගීතයේ පද පෙළ
Song Title : Mage Deshaya (මගේ දේශය)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : සුනිල් ආරියරත්න


මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්

මිළ මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Deshaya Song Lyrics - මගේ දේශය ගීතයේ පද පෙළ Mage Deshaya Song Lyrics - මගේ දේශය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment