Sadun Sihina Sihil Aduna Song Lyrics - සඳුන් සිහින සිහිල් අඳුන ගීතයේ පද පෙළ

Sadun Sihina Sihil Aduna Song Lyrics - සඳුන් සිහින සිහිල් අඳුන ගීතයේ පද පෙළ
Song Title : Sadun Sihina Sihil Aduna (සඳුන් සිහින සිහිල් අඳුන)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1973 දී තිරගතවූ "මාතර ආච්චි" චිත්‍රපටියේ ගීයකි. ප්‍රථම වරට චිත්‍රපටයක යුග ගීයක් සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් පද වැල ගෙතෙන්නේ මේ ගීය වෙනුවෙන්ය.


සඳුන් සිහින සිහිල් අඳුන
පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ //

අහංකාර රෝස කැකුළු මානවිකාවෝ
ඔබ දුටු සඳ අඬති දොඩති
විළි වැද සැඟවී
මා හදවත් මරු කතරේ
අලංකාර නීලවාහිනී

සඳුන් සිහින සිහිල් අඳුන
පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ

ඉන්දීවර නීල නයන
අහස් විලේ පිපී සැලේ
බඹර කළඹ සළඹ සලා
ඔබ සොයා ඇදේ

සඳුන් සිහින සිහිල් අඳුන
පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadun Sihina Sihil Aduna Song Lyrics - සඳුන් සිහින සිහිල් අඳුන ගීතයේ පද පෙළ Sadun Sihina Sihil Aduna Song Lyrics - සඳුන් සිහින සිහිල් අඳුන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment