Oba Yana Gamane Mawatha Awura Song Lyrics - ඔබ යන ගමනේ මාවත අවුරා ගීතයේ පද පෙළ

Oba Yana Gamane Mawatha Awura Song Lyrics - ඔබ යන ගමනේ මාවත අවුරා ගීතයේ පද පෙළ

Oba Yana Gamane Mawatha Awura Song Lyrics - ඔබ යන ගමනේ මාවත අවුරා ගීතයේ පද පෙළ
Song Title : Oba Yana Gamane Mawatha Awura (ඔබ යන ගමනේ මාවත අවුරා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ රුක්මණි දේවී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබ යන ගමනේ මාවත අවුරා
ගැරහුම් අවමන් අවි ඔසවා ඇත
කැට මුගුරින් රළු පහර වැදී
ලෝහිත ගංගා ගලා ගියාවේ
මලණුවනී
නොසැලෙන් මලණුවනී
මලණුවනී
නොසැලෙන් මලණුවනී

කඳුළින් උපන්නෙමී
ගැරහුම් අසමින් ඉනූ කඳුළකින්
ලෝකය හැදින්නෙමී

ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ
සඳු දැක සිවුපාවුන් මොරදෙන්නේ
කටු පඳුරින් දස දෙසම වැසී
හදවත ඉකිබිඳිමින් හැඬුවාවේ
මලණුවනී
නොසැලෙන් මලණුවනී
මලණුවනී
නොසැලෙන් මලණුවනී

කඳුළැල් විඳින්නෙමී
ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන
නව මං සොයන්නෙමී

ඔබ යන ගමනේ මාවත අවුරා
ගැරහුම් අවමන් අවි ඔසවා ඇත
කැට මුගුරින් රළු පහර වැදී
ලෝහිත ගංගා ගලා ගියාවේ
මලණුවනී
නොසැලෙන් මලණුවනී
මලණුවනී
නොසැලෙන් මලණුවනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Yana Gamane Mawatha Awura Song Lyrics - ඔබ යන ගමනේ මාවත අවුරා ගීතයේ පද පෙළ Oba Yana Gamane Mawatha Awura Song Lyrics - ඔබ යන ගමනේ මාවත අවුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment