Your Choice Way

Prema Paradise Song Lyrics - ප්‍රේම පරාදීසේ ගීතයේ පද පෙළ

Prema Paradise Song Lyrics - ප්‍රේම පරාදීසේ ගීතයේ පද පෙළ
Song Title : Prema Paradise (ප්‍රේම පරාදීසේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ

විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ //
වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිලිල ඔබ

ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ

ගිනි දන කතරක පවන් රළකි ඔබ
විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ //
නොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ

ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Paradise Song Lyrics - ප්‍රේම පරාදීසේ ගීතයේ පද පෙළ Prema Paradise Song Lyrics - ප්‍රේම පරාදීසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment