Adura Bidinnata Song Lyrics - අඳුර බිඳින්නට ගීතයේ පද පෙළ

Adura Bidinnata Song Lyrics - අඳුර බිඳින්නට ගීතයේ පද පෙළ
Song Title : Adura Bidinnata (අඳුර බිඳින්නට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
මාතර ආච්චි චිත්‍රපටියෙන්


අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා //

මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ

අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත සපුරා ලන්නට
මියැසි විරාමය යළි පැමිණි ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි
පිළිසරණය වන්නේ

අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

හිරු තව දවසක් ගෙනැවිල්ලා///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adura Bidinnata Song Lyrics - අඳුර බිඳින්නට ගීතයේ පද පෙළ Adura Bidinnata Song Lyrics - අඳුර බිඳින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment