Aadare Hati Song Lyrics - ආදරේ හැටි ගීතයේ පද පෙළ

Aadare Hati Song Lyrics - ආදරේ හැටි ගීතයේ පද පෙළ
Song Title : Aadare Hati (ආදරේ හැටි)
Vocals : Nadeemal Perera
Music : Radeesh Vandabona
Lyrics : Sewwandi Wickramasinghe
Teledrama : හීන වලට පණ පොවන ඉරණම්කාරී  - " ඉම්ලි " 2022පෙබරවාරි 28 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 9.30 ට සිරස tv


සුසුම්වලට හීන පොවන තරුවලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස්වලට එබී
හීනවලට පණ දෙනවද
නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීනවලට පණ දෙනවද
නුඹ කවදා හරී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලා ගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරා ගනිමි මේ ආදරේ හැටී

සුසුම්වලට හීන පොවන තරුවලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස්වලට එබී
හීනවලට පණ දෙනවද
නුඹ කවදා හරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aadare Hati Song Lyrics - ආදරේ හැටි ගීතයේ පද පෙළ Aadare Hati Song Lyrics - ආදරේ හැටි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment