Mindada Hee Sara Song Lyrics - මින්දද හී සර ගීතයේ පද පෙළ

Mindada Hee Sara Song Lyrics - මින්දද හී සර ගීතයේ පද පෙළ
Song Title : Mindada Hee Sara (මින්දද හී සර)
ගායන : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ  //

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ  //
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා  //
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ
මින්දද හී සර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mindada Hee Sara Song Lyrics - මින්දද හී සර ගීතයේ පද පෙළ Mindada Hee Sara Song Lyrics - මින්දද හී සර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2022 Rating: 5

0 comments:

Post a Comment