MAHA WASSA Song Lyrics - මහ වැස්ස ගීතයේ පද පෙළ

MAHA WASSA Song Lyrics - මහ වැස්ස ගීතයේ පද පෙළ
Song Title : MAHA WASSA (මහ වැස්ස)
Artist : Dr.Pradeep Rangana
Lyrics : Chorus - Dr.Pradeep Rangana | Verses - Dr.Roshan Karunarathne
Melody : Dr. Pradeep Rangana
Music : Dr.Pradeep Rangana @ DR Studios
Mix & Mastered : Dr.Pradeep Rangana @ DR Studios
Video : MOW Pictures
Video Director : Manuka Anuranga 
Video Producer : Dr.Pradeep Rangana
Concept : Dr.Pradeep Rangana
Story & Screen Writer : Manuka Anuranga 
All Keys : Dr. Pradeep Rangana
Violin : Vihanga Susangeeth
Acoustic Guitar : Dilruk Samaradiwakara
Bass Guitar : Vihanga Susangeeth
Tabla : Shashika Shaliya


මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න නංගී
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න දෝණි
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්
මදිවී දෝ මාගේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නේ අම්මේ

තනි වූ වලාවක් පාවීය අහසේ
අසමින් තෙපුල් මව් සෙනෙහේ
දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින්
සැනසූ විඩා වූ නිමේශේ
සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින්
පදවා රුවල් අහිමි නෞකා
දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ
සඳ ආයේ පායන්නේ කවදා
වියලී දෙපාවන් තෙමනා දයාවෙන්
වස්සන්න ඈ රුවට වර්ෂා
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MAHA WASSA Song Lyrics - මහ වැස්ස ගීතයේ පද පෙළ MAHA WASSA Song Lyrics - මහ වැස්ස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment