Kulamala Badi Yadamin Song Lyrics - කුලමල බැඳි යදමින් ගීතයේ පද පෙළ

Kulamala Badi Yadamin Song Lyrics - කුලමල බැඳි යදමින් ගීතයේ පද පෙළ
Song Title : Kulamala Badi Yadamin (කුලමල බැඳි යදමින්)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ධර්ම ශ්‍රී මුණසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
(මේ ගීය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා වූවකැයි ඇතැම් තැනෙක (සංගත තැටි ලේබලයක) සඳහන් වේ. එය සාවද්‍යය.)


කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ //

ගජමුතු දල සද්දන්ත කුලේයා
මොළකැටි මුතු මල දිළිඳු පැලේයා
අහසට පොළොවක් මැදිවෙලා නිසා

කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ

හමුවන තැන් අසිපත් දිදුලායා
මට ම ලැබේ දැයි හිත විමාසායා
මුතු නැති මුතු අසරණ වෙලා නිසා

කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kulamala Badi Yadamin Song Lyrics - කුලමල බැඳි යදමින් ගීතයේ පද පෙළ Kulamala Badi Yadamin Song Lyrics - කුලමල බැඳි යදමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment