කුඩුවෙළඟ (Kuduwelaga - Mallotus Philippensis)

කුඩුවෙළඟ (Kuduwelaga - Mallotus Philippensis) - Your Choice Way
🌿 කුඩුවෙළඟ බොහෝ සේඅතු බෙදෙමින් මීටර් 15 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. මෙය හම්පිල්ලක / කම්පිල්ලක / හම්පරිල්ල ආදී නම්වලින්ද හඳුන්වයි. ගසේ රිකිළි, ළා දලු හා පුෂ්ප මංජරිය බූව සහිතය.

🌿 රළු ස්වභාවයකින් යුක්ත පත්‍රයක් සෙ.මි. 7.5-15 අතර දිගැති ය.

🌿 පත්‍රය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාරය.පත්‍ර දාරය සම්පූර්ණය. යාන්තමට දැති සහිතව හමුවන අවස්ථා ඇත.

🌿 සුදු පැහැයට හුරු කහ පැහැයකින් යුත් පුෂ්ප කුඩාය. පුෂ්ප මං ජරිය සෘජු ශුකියකි. පුෂ්පයක රේණු විශාල සංඛාවක් ඇත.

🌿 ඵලය ස්ඵෝටිකාවකි. එය කුඩා රෝමවලිනුත්, රතු පාට රෙසින දුව්‍යකිනුත්, රතු පාට කුඩු විශේෂයකිනුත් වැසී ඇත. බීජ කළු පාටය.

🌿 කුඩුවෙලඟ Euphorbiacae කුලයට අයත් ශාකයකි.

🌿 කුඩුවෙළඟ ශාකයේ ඖෂධ සඳහා භාවිතා කරන ප්‍රධාන අංගය වන්නේ ගෙඩිය වටා පිහිටන රතු පැහැති කුඩු වර්ගයයි. ඒවා "කපිලි" යනුවෙන් හඳුන්වයි.

🌿 ශාකයේ ගෙඩි හැර වෙනත් කො ටස්වලින් ලබා ගන්නා රතු මිශ්‍ර කහ පාට කුඩු "කපිලා" යනුවෙන් හඳුන්වන අතර එයා ගුණයෙන් හීන බව දක්වා ඇත.මෙම කුඩු මධ්‍යසාරවල දියවන අතර ජලයෙහි දිය නොවේ.

🌿 මේ කපිලා ඌෂ්ණ, සෙම හා වාත සමනය කරන, පිත වඩන ඖෂධයකි.

🌿 ගුල්ම රෝග, උදරාබාධ, කුෂ්ඨ, ක්ෂත, වණ, අකලට හිසකෙස්හැලීම, මුත්‍ර ගල්, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී මෙම කුඩු මෙන්ම ශාකයේ වෙනත් කොටස්ද භාවිතයට ගනී.

🌿 කුඩුවෙළඟ රුධිරය පිරිසිදුකරන, මුත්‍රගල් සිඳලන, කුෂ්ඨ නසන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සහ ඔසුතුරු විසිතුරු කෘති
කුඩුවෙළඟ (Kuduwelaga - Mallotus Philippensis) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුඩුවෙළඟ (Kuduwelaga - Mallotus Philippensis) කුඩුවෙළඟ (Kuduwelaga - Mallotus Philippensis) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment