මිලියනයකට අධික පිරිසකට මරු කැඳවූ ජෝශප් ස්ටාලින්ගේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන (Joseph Stalin)

මිලියනයකට අධික පිරිසකට මරු කැඳවූ ජෝශප් ස්ටාලින්ගේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන (Joseph Stalin) - Your Choice Way

සෝවියට් මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන යනු කොමියුනිස්ට් සමාජයේ විකල්ප මත දරන සහ ඔහුට තර්ජනයක් ලෙස සලකන වෙනත් ඕනෑම අයෙකු තුරන් කිරීම සඳහා සෝවියට් ඒකාධිපතියකු වූ ජෝශප් ස්ටාලින් විසින් මෙහෙයවන ලද කුරිරු දේශපාලන ව්‍යාපාරයකි. වෙනත් ලෙසකින් කිවහොත් මහජනතාවට ඔවුන්ගේ නායකයාට කැමති වීමට බල කෙරුනි. එසේ නොවුවහොත් ඔවුන් ගුලාග් (සෝවියට් බන්ධනාගාර) වල සිරකළ අතර එසේත් නැත හොත් ඔවුනට වෙඩි උණ්ඩයට මුහුණ දීමට සිදු විය. ඇස්තමේන්තු වෙනස් වුවද බොහෝ දෙනා විශ්වාස කරන්නේ 1936 සිට 1938 දක්වා කාලයෙදී මිලියනයකට අධික පිරිසක් මේ නිසා ඝාතනයට ලක්ව ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් බලහත්කාර කම්කරු කඳවුරුවලට යවා ඇත. මින් සිදු වූ බලපෑම ඉන් වසර ගණනාවක් යන තුරු රටට බලපාන ලදී.

බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රධානියා මෙන්ම සෝවියට් සංගමයේ නායක වූ ව්ලැඩිමීර් ලෙනින් 1924 දී මිය යන ලදී. ඉන් පසු නායකකම ලබා ගැනීමට ස්ටාලින්ට සටන් කිරීමට සිදු වූ නමුත් අවසානයේ ඔහු 1929 දී ඒකාධිපතියෙකු ලෙස බලයට පත් විය. 

ස්ටාලින් බලයට පත්වීමෙන් පසු හිටපු බොල්ෂෙවික් පක්ෂයේ සමහර සාමාජිකයන් ඔහුගේ අධිකාරය ගැන ප්‍රශ්න කිරීමට පටන් ගන්නා ලදී. එම නිසා 1930 ගණන්වල මැද භාගය වන විට ස්ටාලින් විශ්වාස කළේ බොල්ෂෙවික් හෝ ලෙනින්ගේ රජය සමඟ සබඳතා ඇති ඕනෑම අයෙකු තම නායකත්වයට තර්ජනයක් වන බවය. මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට හේතු වූ නිශ්චිත අභිප්‍රාය කුමක්දැයි ඉතිහාසඥයින් අතර අදටද විවාදයට භාජනය වී ඇත. සමහරු කියා සිටින්නේ ඒකාධිපතියෙකු ලෙස අධිකාරිය පවත්වා ගැනීමට ඔහු තුළ ඇති ආශාව නිසා එය ඇති වූ බවයි.  තවත් සමහරු එය සෝවියට් කොමියුනිස්ට් පක්ෂය ආරක්ෂා කිරීමට, වැඩි දියුණු කිරීමට හා එක්සත් කිරීමට ඔහුගේ මාර්ගය ලෙස සලකති.

එකල සෝවියට් සමූහාණ්ඩුව තුළ සමාජවාදී මතවාද නිරන්තරයෙන් ප්‍රචාරය වෙමින් පැවතියද සුළුතර ජනතාවක් බටහිර ලෝකයේ බලපෑමට ලක්ව වෙනත් විකල්ප දේශපාලන ක්‍රම කෙරෙහි ඇදී ගිය බව සදහන් වේ. මෙහිදී ස්ටාලින් මුහුණ දුන් ගැටලුව නම් මෙම සුළුතරය සෑදී ඇත්තේ සෝවියට් සංගමයේ බලවත් පුද්ගලයන් මෙන්ම නැගෙනහිර ලෝකයේ ප්‍රසිද්ධ ලේඛකයින්ගෙන් වීම නිසාය. 

එබැවින් තම දෘෂ්ටියට පටහැනි අදහස් දරන පුද්ගලයින් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භ කිරීමට ස්ටාලින් පසුබට නොවීය. කොමියුනිස්ට්වාදය ගැන හෝ ඕනෑම සෝවියට් නායකයෙකු ගැන විරුද්ධව කථා කිරීම එකල සෝවියට් සංගමයේ අපරාධයක් වන බවට පත් කරන ලදී. මෙය අවසන් වූයේ 1930 ගණන්වල මුල් භාගයේදී රුසියානු දේශපාලනඥයකු වූ සර්ජි කිරොව්ගෙන් පටන් ගෙන මහා පිරිසක් ඝාතනය කිරීම දක්වා වූ ක්‍රමයක් ඔහු විසින් නිර්මාණය කිරීමෙන් අනතුරුවය.

මෙහි පළමු සිදුවීම 1934 දී ප්‍රකට බොල්ෂෙවික් නායකයෙකු වූ සර්ජි කිරොව් ඝාතනය කිරීමත් සමඟ ඇරඹුණි. කිරොව්ව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ලියොනිඩ් නිකොලායෙව් නම් අයෙක් වෙඩි තබා ඝාතනය කරන ලදී. බොහෝ දෙනා අනුමාන කරන්නේ කිරොව් ඝාතනය කිරීමට ස්ටාලින් විසින්ම නියෝග කළ බවය. බොහෝ ඉතිහාසඥයින් මෙය උපකල්පනය කිරීමට හේතුව වී ඇත්තේ කිරොව්ගේ මරණය පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට හොඳම නිදහසට කරුණ වූ නිසයි. කොමියුනිස්ට් නායකයින් තුරන් කිරීමට සෝවියට් ජනගහනයෙන් සුළුතරයක් උත්සාහ කළ බවට සාක්‍ෂි ලෙස ස්ටාලින් කිරොව්ගේ මරණය භාවිතා කරමින් කොමියුනිස්ට්වාදයට එරෙහි වන අයව ඝාතනය හෝ සිර කිරීමට ඇති අවශ්‍යතාව සාධාරණීකරණය කරනු ලැබීය. කෙසේ වෙතත් මෙම මරණය මෙහෙය වූයේ ස්ටාලින් බව ඔප්පු කිරීමට තරම් සාක්‍ෂි නොමැති වුවත් එයත් සමගම ඔහුට මේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට හැකිවීම අහම්බයක් ද නොවීය හැක.

කිරොව්ගේ මරණයෙන් පසුව ස්ටාලින් විසින් විරුද්ධ කොමියුනිස්ට්වාදීන්ගේ භයානක කුමන්ත්‍රණයක් තමා විසින් අනාවරණය කර ගත් බව පවසමින් ස්ටාලින් සිය පවිත්‍ර කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. 1917 රුසියානු විප්ලවයට සහභාගී වූ සියලු මුල් බොල්ෂෙවිකයන් ඉවත් කරමින් මේ ඒකාධිපතියා පක්ෂ විරුද්ධවාදීන් යැයි සැක කරන ඕනෑම අයෙකු ඝාතනය කිරීම හෝ සිරගත කිරීම ආරම්භ කළේය. මෙම වැඩසටහන මගින් පවිත්‍ර කරන ලද අය අතර කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්, රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ ඕනෑම විරුද්ධවාදියෙක් ඇතුළත් විය.

කිරොව්ගේ මරණය ස්ටාලින්ගේ දේශපාලන ප්‍රතිවාදීන් සහ විවේචකයින් බොහෝ දෙනෙකු අතුගා දැමූ පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නඩු තුනකට තුඩු දුන්නේය. මොස්කව් නඩු විභාගය ලෙස හැදින්වූ මෙයින් හිටපු ඉහළ පෙළේ කොමියුනිස්ට්වාදීන් වන ලෙව් කමිනෙව්, ග්‍රිගෝරි සිනොවියෙව්, නිකොලායි බුහාරින් සහ ඇලෙක්සි රිකොව් ඇතුළු කිහිප දෙනෙකුට රාජද්‍රෝහී චෝදනා එල්ල විය. මොවුන් සියල්ලන්ගෙන්ම බලහත්කාරයෙන් පාපොච්චාණ ලබා ගෙන ඇති අතර බොහෝ වධ හිංසා පමුණුවා ඇත.

බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයින්, දේශපාලන නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් මෙම ඝාතන සහ සිරගත කිරීම් සිදු කිරීමට සහභාගි විය.   ගොවීන්, ජනවාර්ගික සුළුතරයන්, කලාකරුවන්, විද්‍යාඥයින්, බුද්ධිමතුන්, ලේඛකයින්, විදේශිකයන් සහ සාමාන්‍ය පුරවැසියන් ඇතුළු ඔවුන්ගේ මතයට විරුද්ධ සියල්ලන්ම ඔවුන්ගේ ඉලක්ක විය. මීට අමතරව ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරන බව චෝදනා කරමින් ස්ටාලින් රතු හමුදාවේ සොල්දාදුවන් 30,000ක් පමණ ඝාතනය කළ බව කියැවේ. ඒ අතරට ජෙනරාල්වරුන් 103ක් සහ අද්මිරාල්වරු 81ද වූ බව කියැවේ.

මීට අමතරව ස්වාමිපුරුෂයෙකු හෝ පියෙකු විසින් සිදු කරන ලද අපරාධවලට පවුල් වගකිව යුතු බවට නියෝගයක් ද ස්ටාලින් නිකුත් කරන ලදී. මෙයින් අදහස් කළේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ටද මරණ දණ්ඩනය නියම කළ හැකි බවයි. කොමියුනිස්ට් පක්ෂයේ මිලියන 3 ක සාමාජිකයින්ගෙන් තුනෙන් එකක් පමණ මේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහනට හසු වූ බව කියැවේ.

ස්ටාලින්ගේ මේ කුරිරු උපක්‍රම මගින් රට අක්‍රීය කොට පුළුල් භීෂණයක වාතාවරණයක් ඇති කළ බවට සැකයක් නැත. සමහර වින්දිතයින් කියා සිටියේ කුප්‍රකට ගුලාග් කම්කරු කඳවුරුවල වධ හිංසාකාරී තත්වයන් විඳදරාගැනීම සඳහා යවනු ලබනවාට වඩා ඔවුන් ඝාතනය කළා නම් හොදයි කියාය. ගුලාග් කඳවුරුවලට යවන ලද බොහෝ දෙනෙක් අවසානයේ ඝතනය කරන ලදී. 

මෙම කාලයේ ඝාතනයට ලක් වූ අය බොහෝ විට වාර්තා වූ සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ වැඩිවිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එම කාලයේ බොහෝ අය එකවර අතුරුදහන් විය. නැතහොත් ඝාතන බොහෝ විට වසන් වී ඇති නිසාත්, නිශ්චිත මරණ සංඛ්‍යාවක් නිශ්චය කළ නොහැක.  මීට අමතරව කම්කරු කඳවුරුවල සිරකරුවන් වෙහෙසට පත්වීම, රෝග හෝ සාගින්නෙන් මිය ගියහ.

මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන නිල වශයෙන් 1938 දී පමණ අවසන් වූ නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ 1940 අගෝස්තු මාසයේදී ඔහුගේ දිගුකාලීන ප්‍රතිවාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන තෙක් ස්ටාලින් සැබවින්ම එය අවසන් නොකළ බවයි. 

ස්ටාලින්ගේ අනුප්‍රාප්තිකයා වූ නිකිටා කෘෂ්චෙව් මහා පවිත්‍ර කිරීමේදී සිදු වූ කුරිරු ප්‍රචණ්ඩත්වය හෙළා දුටුවේය. 1956 දී  කථාවකදී, කෘෂෙව් මෙය “බලය අයුතු ලෙස භාවිතා කිරීමක්” ලෙස හැඳින්වූ අතර වින්දිතයින්ගෙන් බොහෝ දෙනෙක් අහිංසක බව පිළිගත්තේය. 

ස්ටාලින්ගේ භීෂණ හා වධහිංසා ක්‍රියා නිසා සෝවියට් ජනතාව භීතියෙන් ඇලලී ගිය අතර බුද්ධිමතුන් සහ කලාකරුවන් වැනි පුරවැසි කණ්ඩායම් ඔහු එමගින් සාර්ථක ලෙස තුරන් කළේය. බොහෝ රුසියානුවන් මෙම සිදුවීම ඉතිහාසයේ බිහිසුණු සිදුවීමක් ලෙස සලකන අතර පුදුමයට කරුණක් නම් තවත් සමහරු විශ්වාස කරන්නේ ස්ටැලින් සෝවියට් සංගමය ශක්තිමත් කිරීමට සහ ශ්‍රේෂ්ඨත්වයට තල්ලු කිරීමට උදව් කළ බවයි.

මිලියනයකට අධික පිරිසකට මරු කැඳවූ ජෝශප් ස්ටාලින්ගේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන (Joseph Stalin) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිලියනයකට අධික පිරිසකට මරු කැඳවූ ජෝශප් ස්ටාලින්ගේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන (Joseph Stalin) මිලියනයකට අධික පිරිසකට මරු කැඳවූ ජෝශප් ස්ටාලින්ගේ මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන (Joseph Stalin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2022 Rating: 5

0 comments:

Post a Comment