Debama Dedunu Song Lyrics - දෙබැම දේදුනු ගීතයේ පද පෙළ

Debama Dedunu Song Lyrics - දෙබැම දේදුනු ගීතයේ පද පෙළ
Song Title : Debama Dedunu (දෙබැම දේදුනු)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ
දෙබැම නිල්වන් වැහි වලා වැන්නේ
වැහි වලාවෙනි විදුලි සැර එන්නේ

දෙනෙත නිලුපුල් සිරිනි සැරසෙන්නේ
නිල් උපුල්මය වරෙක මැලවෙන්නේ
මිණි පහන් වැට අඳුර දුරලන්නේ
මිණි පහන්මය වරෙක ගිනිගන්නේ

දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ

හෙළන සසුමයි මුදු සුවඳ දෙන්නේ
මදනලයි මුදු සුවඳ ගෙනයන්නේ
මදනලයි සුසුමයි එකතුවෙන්නේ
එකල්හිය හද ගැස්ම වැටහෙන්නේ

දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ
දෙබැම නිල්වන් වැහි වලා වැන්නේ
වැහි වලාවෙනි විදුලි සැර එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Debama Dedunu Song Lyrics - දෙබැම දේදුනු ගීතයේ පද පෙළ Debama Dedunu Song Lyrics - දෙබැම දේදුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment