Dathe Karagata Song Lyrics - දෑතේ කරගැට ගීතයේ පද පෙළ

Dathe Karagata Song Lyrics - දෑතේ කරගැට ගීතයේ පද පෙළ
Song Title : Dathe Karagata (දෑතේ කරගැට)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ විමලා අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි

අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ හිනාවෙනි ඔප වැටුණේ

දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වේ මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්

දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මාදුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dathe Karagata Song Lyrics - දෑතේ කරගැට ගීතයේ පද පෙළ Dathe Karagata Song Lyrics - දෑතේ කරගැට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment