Ahasa Gugura Song Lyrics - අහස ගුගුරා ගීතයේ පද පෙළ

Ahasa Gugura Song Lyrics - අහස ගුගුරා ගීතයේ පද පෙළ
Song Title : Ahasa Gugura (අහස ගුගුරා)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : සුමිත්‍රා රාහුබද්ධ


අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasa Gugura Song Lyrics - අහස ගුගුරා ගීතයේ පද පෙළ Ahasa Gugura Song Lyrics - අහස ගුගුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment