යක්බේරිය / නිල් අඬනහිරිය (Yakberiya / Nil Adanahiriya - Crotalaria Verrucosa)

යක්බේරිය / නිල් අඬනහිරිය (Yakberiya / Nil Adanahiriya - Crotalaria Verrucosa) - Your Choice Way

🌿 පැළෑටි වර්ග සියල්ල විනාශ වී ගිය කා ලයකදී මෙම පැළෑටිය පමණක් ඉතිරිවූ බවත් යකාගෙන් බේරුණු ගස නිසා යක්බේරිය නමින් ව්‍යවහාර වූ බවත් ජනප්‍රවාදයේ එයි.

🌿 වියැළුණු කරල සෙලවෙන විට නිකුත්වන ශබ්දය නිසා එහි ගුප්ත බන තවත් වැඩි වෙයි.

🌿 යක්බේරිය මීටර් 1 ක් පමණ උස්ව වැඩෙන වාර්ෂික ශාකයකි.

🌿 කඳහතරැස්ය.

🌿 පත්‍ර සරලයි. අණ්ඩාකාර සිට ලන්සාකාර, රොම්බසාකාර හෝ ඉලිප්සීය වේ.

🌿 පුෂ්ප මංජරිය ඒකාක්ෂ වේ. පුෂ්ප කීපයක් දරයි.

🌿 ඵලය දිගින් සෙ.මි.2.5-3 පමණ වේ. බීජ 10-16 අතර සංඛාවක් දරන අතර කහ පැහැ සිට දුඹුරු පැහැති වේ.

🌿 යක්බේරිය ශාකය Fabaceae කුලයට අයත් ශාකයකි.

🌿 අඬනහිරිය පැළෑටිය කැඩුම් බිඳුම් චිකිත්සාවෙහිදී මෙන්ම අංජන (අඳුන්) සෑදීම සඳහා ද උපයෝගී කර ගනී.

🌿 අස්ථි භග්න නිසා ඇති වන ඉදිමුම් හා කල්ගත සන්ධි ඉදිමුම් අවස්ථාවන්ට යක්බේරිය, යකවනස්ස, ඔලිඳ කොළ සහ අමුකහ සමව ගෙ න කොටා මිරිකා ගත් ඉස්මට සහිඳ ලුණු කලං 6 ක් දමා කකාරා ගෑමෙන් සුවය ලැබේ.

🌿 සර්ප දෂඨනයකදී ඇති වන දණ හිස් ඉදිමුම් සඳහා පත්තු මැල්ලුම් වශයෙන් යොදයි. එමෙන්ම කැස්ස, චර්ම රෝග, මුඛ රෝග, ඇදුම, හෘද රෝග ආදිය සඳහාද භවිතා කරන බව සඳහන්. සර්වවිෂාදී තෛලය හා විෂ කුමාර තෛලය සෑදීම සඳහා යක්බේරිය යොදා ගනී.

🌿 අතු නො බෙදුණ යක්බේරිය පැළෑටිය අඹරා අඳුන් පිළියෙළ කර වෂී ගුරුකම් සඳහා යොදා ගන්නා බවත්, උතුරට ගිය යක්බේරිය මුලක් ගෙන නියමිත මන්ත්‍රයෙන් ජීවම්කර මුදුවක් තනා අතේ ඇඟිල්ලක පැළැදීමෙන් යක්ෂ, භූත, ප්‍රේත උපද්‍රව හා කොඩිවින නැති වන බවත් පැරණි පොත්වල සඳහන් වේ.

🌿 යක්බේරිය ගව වෙදකමේදී ද බහුලව යොදා ගන්නා ශාකයකි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් සේයාරූ අන්තර්ජාලයෙන්
යක්බේරිය / නිල් අඬනහිරිය (Yakberiya / Nil Adanahiriya - Crotalaria Verrucosa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යක්බේරිය / නිල් අඬනහිරිය (Yakberiya / Nil Adanahiriya - Crotalaria Verrucosa) යක්බේරිය / නිල් අඬනහිරිය (Yakberiya / Nil Adanahiriya - Crotalaria Verrucosa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment