Wiramayak Song Lyrics - විරාමයක් ගීතයේ පද පෙළ

Wiramayak Song Lyrics - විරාමයක් ගීතයේ පද පෙළ
Song Title : Wiramayak (විරාමයක්)
Written & Performed By : @MADUWA
Music Produced By : @DILU Beats
Mixed & Mastered By : @DILU Beats


විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක
දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි
ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න
බෙහෙත් බොනවද අමතක වෙන්න
ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න
තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න

මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මත‍යෙනුත් අරන් යන්න

එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න
යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න
එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න
මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න

විහිලුවක් කලත් මුහුන එල්ලන
බය වුණත් හයියෙන් මාව අල්ලන් 
එපා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්
විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්

අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන
අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන
සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න
අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න

එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම
ලස්සන කටහඬ අහගෙන දවසම
දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට (ලොකුවට)
මෙච්චර කාලයක් කල්පනා ලෝකෙක

ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්
අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්
හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්
සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්

දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා
උගුර වගේම එවෙලෙට හිතින් පිච්චුනා
අමතක කරන්න කියලා අපි බිව්වම
එතනත් ඔයා කරපු වැරදි මතක් උනා

ඉල්ලපු දේ ගෙනත් දුන්නා
හැමදේම අමතක මං කරලා
විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා

ඉන්නට බෑ කිව්ව එක මොහොතක්
ඔයා නැති උනොත් බදින් නෑ මං නම් කාවත්
එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් 

මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiramayak Song Lyrics - විරාමයක් ගීතයේ පද පෙළ Wiramayak Song Lyrics - විරාමයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment