Wilson Masterge Song Lyrics - විල්සන් මාස්ටර්ගේ ගීතයේ පද පෙළ

Wilson Masterge Song Lyrics - විල්සන් මාස්ටර්ගේ ගීතයේ පද පෙළ
Song Title : Wilson Masterge (විල්සන් මාස්ටර්ගේ)
Singing : Desmond de Silva


විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා
මිනිහට යකා නැගලා දැන්
බැලෝ එකට අන්ඩ දාලා
හුලන් යනවා හෝස් ගාලා
සරිගම අවුල් වෙලා බං

ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවා
යකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවා
අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා
මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා

තිරේ ඇදලා ලයිට් දාලා ඩෝලේ ගහනවා
සර්පිනාව හෝස් ගාලා සද්දේ ඇහෙනවා
ඒ සද්දෙට අහල පහල බල්ලෝ බුරනවා
වටේ බලං ඉන්න කොල්ලෝ විසිල් ගහනවා

මාස්ටර්ගේ සංගීතෙට ලෙඩේ ඇදෙනවා
ඔයින් මෙයින් නාට්ටියත් නතර කරනවා
වේදිකාවේ රියල් වැඩක් දෙන්න හදනවා
බයිලා කැසට් දාලා කොල්ලෝ බක්කෝ නටනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wilson Masterge Song Lyrics - විල්සන් මාස්ටර්ගේ ගීතයේ පද පෙළ Wilson Masterge Song Lyrics - විල්සන් මාස්ටර්ගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2022 Rating: 5

0 comments:

Post a Comment