Thedini Wiraja Song Lyrics - තෙදිනි විරාජ ගීතයේ පද පෙළ

Thedini Wiraja Song Lyrics - තෙදිනි විරාජ ගීතයේ පද පෙළ
Song Title : Thedini Wiraja (තෙදිනි විරාජ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ග්‍රේෂන් ආනන්ද


තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ //

එ රන් මයුර වාහනයෙන්
රුපු සෙන් බිඳ වැඩමවන්න
වැඩ හිටි කඳු මත වැඩ සිට
නර කැළ වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ
දියත පතල කර හරින්න

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ //

අණ වින වස් දොස් තුන්බිය
දුරලා සත රැක දෙවන්න
මැණික් ගඟේ නිමල දියෙන්
කිළි කුණු සෝදා හරින්න
කතරගමේ බල මහිමේ
දියත පතල කර හරින්න

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thedini Wiraja Song Lyrics - තෙදිනි විරාජ ගීතයේ පද පෙළ Thedini Wiraja Song Lyrics - තෙදිනි විරාජ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment