Pipila Parawena Song Lyrics - පිපිලා පරවෙන ගීතයේ පද පෙළ

Pipila Parawena Song Lyrics - පිපිලා පරවෙන ගීතයේ පද පෙළ
Song Title : Pipila Parawena (පිපිලා පරවෙන)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එඩ්වඩ් ජයකොඩි


පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
මන්දිර වල නොව පාර දිගෙයි පිපුණේ
මල් නෙළුමට යන පැස බිම තියලා
පාර දිගේ නුඹෙ ඇස යවපන්නේ
පාර දිගේ ඇස යවපන්නේ

දුප්පත් මවකගෙ ඇකයේ පරවෙන
කැකුළු මලක් වෙත අත පා පන්නේ
පරවෙන වෙන කැකුළට දිවි දිය ඉසිනට
නුඹ නෙත කඳුළැලි පැන් කරපන්නේ

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
මන්දිර වල නොව පාර දිගෙයි පිපුණේ

කිරි කඳුළක කිරි රස නොහඳුනනා
කිරි කැකුළන් හට කිරි සොයමින්නේ
නුඹ යන මඟ දිග ඔටුනු පැළඳ නැති
රජවරු හමුවෙයි මඟ අහපන්නේ

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
මන්දිර වල නොව පාර දිගෙයි පිපුණේ
මල් නෙළුමට යන පැස බිම තියලා
පාර දිගේ නුඹෙ ඇස යවපන්නේ
පාර දිගේ ඇස යවපන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipila Parawena Song Lyrics - පිපිලා පරවෙන ගීතයේ පද පෙළ Pipila Parawena Song Lyrics - පිපිලා පරවෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment