Sasare Maha Sayure Song Lyrics - සසරේ මහ සයුරේ ගීතයේ පද පෙළ

Sasare Maha Sayure Song Lyrics - සසරේ මහ සයුරේ ගීතයේ පද පෙළ
Song Title : Sasare Maha Sayure (සසරේ මහ සයුරේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පී.බී. කවිරත්න
තනුව : තිස්සසිරි පෙරේරා


සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරණ දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු වුණේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිව් මංසල් වල විඩා නිවා
ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ

සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasare Maha Sayure Song Lyrics - සසරේ මහ සයුරේ ගීතයේ පද පෙළ Sasare Maha Sayure Song Lyrics - සසරේ මහ සයුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment