තුන් වන සිල්පදය කැඩූ නැන්දම්මා පෙරේතියක වී ලේලිට වින කළ අයුරු (Sadalatha)

තුන් වන සිල්පදය කැඩූ නැන්දම්මා පෙරේතියක වී ලේලිට වින කළ අයුරු (Sadalatha) - Your Choice Way

අපේ කතාවේ කතා නායිකාවගේ නම වනුයේ නාගොල්ලාගමය. ඇය නමින් සඳලතාය. දුටුවන් වශී කරවන රූ සපුවකින් හෙබි සඳලතා විවාහක කාන්තාවකි. ඇගේ අත ගත් පුරුෂයාද සමාජයේ පිළිගත් ඉහළ රැකියාවක් කළ අයෙකි. ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර, ඉතා සතුටින් සෙනෙහසින් ඔවුහු ජීවත් වූහ. සඳලතාට වයස අවුරුදු තිස්දෙක ඉක්ම වූ විට ඇගේ රහස් ප්‍රදේශයේ එක්තරා කුෂ්ඨ චර්ම රෝගයක් හට ගත්තේද මේ කාල වකවානුව තුළය. මේ වැලඳුණු රෝග තත්ත්වය පිළිබඳව ලංකාවේ සිටින දක්‍ෂ බටහිර වෛද්‍යවරුන් පවා මුණගැසී ප්‍රතිකාර ලබා ගන්නා ලදී. එහෙත් දිනෙන් දිනම මෙම රෝග තත්ත්වය අඩු වීමක්ද සිදු නොවුණු අතර, වෛද්‍යවරුන් හටද නිශ්චිතවම රෝගය හඳුනා ගැනීමට පවා නොහැකි විය. වසර ගණනාවක් තිස්සේ බටහිර මෙන්ම දේශීය වෛද්‍යවරුන් හමුවී ගත් ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් ඇය නොලද්දීය.

"අන්න සඳලතාට සමාජ රෝගයක් හැදිලා ඔක්කොම කුණු වෙනවලු. ඒකට තවම බෙහෙතක් හොයාගන්නත් නැහැ කියන්නේ. හිටියෙ නම් කොහොමද සත් පත්තිනි අම්මා වගේ. කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව. ඔය කොරගෙන තියෙන්නේ අගේට වැඩේ."

ගමේ තැන තැන සඳලතාගේ රෝගී තත්ත්වය පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් නොතිබුණු අය කතිකා කළේ එලෙසින්ය. එහෙත් සඳලතා එකම හදවතක් පැතූ ගුණවත් කතක් බව දන්නේද ඇය පමණි. සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ඇය මෙනෙහි කරමින් කල්ගෙවූ අතර, රෝගී බව තව තවත් උත්සන්න විය. මේ කාලපරිච්ඡේදය තුළ සඳලතාගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ උදවිය වෙදකම් මෙන්ම හෙදකම් කරන්නට විශාල වශයෙන් මුදල් වියදම් කර අන්ත අසරණ භාවයට පත්ව සිටියහ.

මේ අතර වාරයේ එක් දිනක අප මෑණියන් පිළිබඳව සඳලතාගේ පවුලේ උදවියට දැන ගන්නට ලැබෙන්නේ මිතුරකුගේ මාර්ගයෙනි. එය දැනගත් මොහොතේම පවුලේ අය සඳලතා මෑණියන් හමුවට ගෙන එන්නට කොතෙකුත් උත්සාහ ගත්තද එය ඇය විසින් නිරන්තරයෙන්ම වළක්වාලමින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ඔය බොරුකාරයන්ට මේ ලෙඩ හොඳ කරන්නට පුළුවන්ද යනුවෙන් අසමිනි.

"මට බැහැ එහේ යන්න. මට මගේ පාඩුවේ මැරෙන්න ඉඩදීපල්ලා" යනුවෙන් සඳලතා කෑගසන්නට වූවාය.
"මේ මොන විකාරයක්ද යකෝ. කෑනොගහ එතෙන්ට යමන්." යැයි බැරිම තැන පවුලේ උදවිය කේන්තියෙන් පවසන්නට වූහ.

සඳලතාගේ පෙර පිනකට පවුලේ උදවිය ඇය ආරාමයට කැඳවා ගෙන ආ අතර ඉන් පසු අප මෑණියන් විසින් ඇයට බුදුන් වඳින්නට උපදෙස් ලබා දෙන ලදී. ඉන් අනතුරුව මෑණියන් ඇගේ හිස මතට අත තබනවාත් සමඟම සඳලතා වෙව්ලන්නට වූවාය. මෑණියන් බුදු ගුණ ඇතුළත් පිරිත් ශබ්ද නඟා ගයනවාත් සමඟම සඳලතා තව තවත් වේගයෙන් ගැසෙන්නට මෙන්ම අඬන්නටද වූවාය.
"හොඳයි දැන් ඉතින් කියපන් කවුද ඔය ඉන්නේ කියලා...?"
වෙව්ලන සඳලතාගෙන් මෑණියන් විමසන්නට වූවාය. සඳලතා නිහඬය.
"මාව කේන්ති ගස්සන්නේ නැතිව කතා කරපන්. උඹ දන්නවානේ මම කවුද කියලා" යැයි පවසමින් සඳලතාගේ කෙස්වැටිය මෑණියන් විසින් තදින් අල්ලා ගනු ලබනවාත් සමඟම සඳලතාගේ ශරීරයට අරක් ගෙන සිටි පෙරේත ආත්මය කතා කරන්නට වූවාය.
"අනේ මට කරදරයක් නම් කරන්න එපා මම ඇත්ත කියන්නම් හාමුදුරුවනේ...."
අපරාධකරුවකු පොලිසියට හසුවී ප්‍රශ්න කිරීම්වලදී දෙන දඬුවමට බයෙන් පාපෝච්චාරණය කරන්නාක් මෙන් වෙව්ලමින් පෙරේත ආත්මය කතා කරන්නට විය.
"මම මේකිගේ නැන්දම්මා. ප්‍රේමලතා. මම මේකිට ආදරෙයි."
"ඔහොමද බොල ආදරය කරන්නේ ප්‍රේමලතාලා?" මෑණියන් අසයි.
"නැතුව. නැතුව. මේකිගේ පංචස්කන්දෙට වෙලා ඉන්න තියෙනවා නම් මාර සැපක් තියෙන්නේ."

"නියමයිනේ. සැප ගන්න හොයාගෙන තියෙන කුණුගොඩ"
"මට ඉතින් වෙන මොන සැපක්ද මේකිට ලෙඩ කර කර මේකිගේ කුණු කරපු මේක කනවා මිසක්" යැයි සඳලතාගේ රහස් ප්‍රදේශය පෙන්වමින් ප්‍රකාශ කරයි.
"නියම තැන් තමා හොයාගෙන තියෙන්නේ කන්න බොන්න."
"මොනවද උඹ ඒ කාලේ ජීවත් වෙලා ඉන්නකොට කළේ. පින්කම් එහෙම කළාද?"
"හි... හි.... හි... මොන පින්කම්ද හාමුදුරුවනේ" හිනා වෙවී පවසයි.
"ආ එහෙනම් හොඳ සතුටින් ඉඳල තියෙනවා වගේ"
"අපේ මිනිහා ඉන්දැද්දී තව දෙන්නෙක් එක්කම හොඳට හිටියා. අන්න මිනිස්සු"
"එතකොට මනුස්සයා දන්නෙනැද්ද ඒවා ගැන?"
"පිස්සු කතා කරනවද හාමුදුරුවනේ. ඒකා මහා ගොබ්බයනේ"
"ඉතින් කියපන්කෝ බලන්න කොහෙද හිටියේ කියලා"
"අම්මේ එක තැනක් කියලා කියන්නේ කෙහොමද හාමුදුරුවනේ. අපි තැන් තැන්වල ගියා. හොඳට සතුටු වුණා."

"ඔය දැන් විඳවන්නේ ඒවා යස අගේට පෙරේතයෙක් වෙලා. තවත් පව් වැඩ කර කර ඉන්නවද? මොකද කියන්නේ මේ ශරීර පංචස්කන්ධෙන් චුත වෙලා ලෙඩ රෝගත් අරගෙන යනවද? නැත්නම් මම යවන්නද?"
"අනේ හාමුදුරුවනේ මම යන්නම්. මම දන්නවා ඔබ වහන්සේ කවුද කියලා."
"ආ එහෙනම් එච්චරයි. මොනවද යන්න ඕනෑ වෙන්නේ?"

"මට පින් දෙන්න. මම ගොඩක් පව් කළා හාමුදුරුවනේ" අප මෑණියන්ගේ බුදු ගුණ අසා යළිත් වරක් සඳලතා පියවි සිහිය ලද අතර මෑණියන් ඇයට පිරිත් නූලක් ගෙලට දමා ආශීර්වාද කළ අතර ඇයගේ නිවෙසේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදා සාංඝික දානමය පින්කමක් කරන්නට උපදෙස් දුන්නාය. සඳලතාගේ රහස් ප්‍රදේශයට හටගෙන තිබූ චර්ම කුෂ්ඨ රෝගය ඉන් පසු සති දෙකකින් සුවපත් වූ අතර පවුලේ සමඟිය, සතුට මෙන්ම සාමයද ඇතිව සඳලතා කිසිදු උපද්‍රවයකින් තොරව මේ වන විටත් ජීවත් වෙයි.

පෙරේත ආත්මය සඳලතාට ආරූඪ වූ පසුව මෑණියන් පෙර ආත්ම භාව පිළිබඳ දේවතාවුන් වහන්සේ සමඟ සම්බන්ධ වී තොරතුරු හෙළි කර ගත් අතර මෙම පෙරේත ආත්මය ලබා ඇති කාන්තාව එදා වයස අවුරුදු තිස් දෙකේදී පමණ විවාහ වී ස්වාමියා සිටියදීත් තවත් පර පුරුෂයන් දෙදෙනකු සමඟ ප්‍රේමයෙන් වෙළී කාමයෙහි වරදවා හැසිරී ඇති බව අනාවරණය වී ඇත. එම ආත්ම භාවයේදී ඇය මියගොස් නැවත මනුෂ්‍ය ආත්මයක ඉපදී එම ආත්මයේදී පෙර ආත්ම භවයේදී කළ පව් පටිසන් දෙන්නට පටන් ගෙන ඇත. තම ස්වාමි පුරුෂයා සිටියදී හොර රහසේම තවත් පර පුරුෂයන් සමඟ එක් වීමේ වරදට ඇය එම ආත්ම භවයේදී වයස අවුරුදු තිස් දෙක පමණ වන විට ඇයගේ ලිංගික ප්‍රදේශයට සුව කළ නොහැකි කුෂ්ඨ චර්ම රෝගයක් වැලඳී ඇති බවත් කොතෙකුත් ප්‍රතිකාර කළත් එම රෝගය සුව නොවීම නිසා අවසානයේදී ඇය සිය ශරීරයට භූමිතෙල් දමාගෙන ගිනි තිබාගෙන මියගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

එම ආත්මයෙන් පසුව ඇය පෙරේත ආත්මයක ඉපදී ඇය සඳලතාගේ ශරීරයට රිංගා ඇත. ඉන් අනතුරුව ඇය මෙයින් චුත වී තිරිසන් ආත්ම ලබා උපදින බවත් බැල්ලියක වී වසර දාහතරක කාල සීමාවක් ජීවත් වී යළිත් පෙර කර්මය පටිසන් දී රහස් ප්‍රදේශයට යට කී රෝගය වැලඳී මියයන බවද, නැවත බැල්ලියක වී ආත්ම දෙකක් පිළිවෙළින් වසර එකොළහක් සහ නවයක් වශයෙන් කළ කර්ම ටිකෙන් ටික අඩු වෙමින් ඉපදී ජීවත් වී පෙර රෝගයම සැදී මියයන බවත් ඉන් අනතුරුව ඇය එළදෙනක වී වසර දාහතරක් ජීවත් වී නැවතත් එම රෝගයෙන්ම මිය යන බවද මෑණියන් සඳහන් කරයි. ඉන් ඔබ්බට ඇයගේ ඇති ආත්ම පිළිබඳව විමසීමක් නොකරන ලදී.

මේ සියලු කාරණාවලට මුල්වී ඇත්තේ තුන්වන සිකපදය කැඩීම බවද වැරැදි ආකාරයට පංචේන්ද්‍රියන් පිනවීම නිසාම වර්තමානයේදී කෝටියකට එක් අයකුවත් සුගතියට නොයන බවද පෙන්වා දෙන ලදී.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තුන් වන සිල්පදය කැඩූ නැන්දම්මා පෙරේතියක වී ලේලිට වින කළ අයුරු (Sadalatha) තුන් වන සිල්පදය කැඩූ නැන්දම්මා පෙරේතියක වී ලේලිට වින කළ අයුරු (Sadalatha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment