රසකිඳ [Rasakida] (Tinospora Cordifolia)

රසකිඳ [Rasakida] (Tinospora Cordifolia) - Your Choice Way

🌿 රසකිඳ විශාල වෘක්ෂ මත පැතිරී වැඩෙන දේශීය වැල් ශාකයකි. අළු පැහැති තුනී පිට පොත්ත වහා ගැලවී ඉවත් වන ස්වභාවයකි. ඇතුලත පොත්ත කොළ පැහැතිය. කඳෙන් පොළවට මුල් ඇදේ.

🌿 හෘදයාකාරය පත්‍රයක් දිග සෙ.මි 15 දක්වා ද පළල සෙ.මි. 12 පමණ ද විය හැකිය.

🌿 ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගැහැණු සහ පිරිමි මල් වෙන වෙනම පිහිටයි. 

🌿 ඵලය අෂ්ටිලයකි. එය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී.

🌿 රසකිඳ සඳහා යෙදෙන පර්යාය නාම රැසක් අතරින් ආමෘතා නාමය ප්‍රකට ය.

🌿 ආයුර්වේදයේ සඳහන් පස්මුල් අතරින් එකක් සඳහා ද ගැනෙන රසකිඳ Menispermaceae උද්භිද කුලයට අයත්ය.

🌿 මෙම Tinospora උද්භිද ගණයට අයත් රසකිඳ වැලට තරමක් සමාන ලක්ෂණ සහිත තවත් වැල් වර්ග තුනක් හමුවන අතර එයින් Tinospora sinensis ශාකය බූකිඳ / වල්කිඳ ලෙසත්, Tinospora crispa ශාකය තිත්ත කිඳ ලෙසත් හඳුන්වා ඇත.එමෙන්ම Tiliacora acuminata නම් සිංහල නමක් සඳහන් නොවන තවත් විශේෂයක්ද වෙයි. මීට අමතරව දික්කිඳ / වල් රසකිඳ නමින් හඳුන්වන Zanonia indica නම් වැල් වර්ගයක්ද ඇතැම් ප්‍රදේශවල රසකිඳ ලෙස භාවිතා කරයි.

🌿 රසකිඳ වෙනුවට ඉහත සඳහන් කවර හෝ වැල් වර්ගයක කොටස් භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුය.

🌿 උණ, ආහාර අරුචිය, අතීසාරය, ග්‍රහණි. පාණ්ඩු, සෙංගමාලය, ප්‍රමේහ, රක්තවාතය, වාතරක්තය, කුෂ්ඨ, රකත් පිත්ත, පාද දාහය, වාත රෝග, වමනය, අර්ශස්, හෘද රෝග, පිපාස, ස්වසන අවහිරතා, ආමවාතය, අම්ලපිත්ත ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී පිට පොත්ත ඉවත්කරගත් අමු රසකිඳ වැල, මුල්, කොළ සහ වැලෙන් ලබා ගන්නා පිටි භාවිතා කරයි.

🌿 රසකිඳ ශාක කොටස් අමුවෙන් භාවිතා කිරීම වෛද්‍ය නියමය යි.

🌿 රසකිඳ කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, රසායන ආදී ගුණ රැසක් සහිතයි.

🌿 මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණයක් රසකිඳවල පවතින බව නුතන පර්යේෂණවලින් තහවුරු වන බව සඳහන්.

🌿 සෙංගමාලයට රසකිඳ කොළවලින් කැඳ සාදා බොන්නට දෙයි. එයටම රසකිඳ කොළ කල්කය මොරු සමඟ බීම හෝ මී පැණියෙන් යොදයි.

🌿 අර්ශස් රෝගයට රසකිඳ යුෂ හෝ චූර්ණය මොරු සමඟ බීමට නියම කර ඇත.

🌿 වාතරක්තයට රසකිඳ ස්වරස හෝ කෂාය දෙයි. සෙංගමාලය, අම්ලපිත්ත, බරවා, ප්‍රමේහ ආදී රෝගවලට සහ රසායනයට රසකිඳ ස්වරසය යොදා ප්‍රතිකාර කරයි.

🌿 නෙල්ලි, රසකිඳ තම්බා බීමෙන් ශරීර දාහය සංසිඳී ඇඟ සිසිල් වේ.

🌿 ළපටි රසකිඳ කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙස සකසා අහාරයට එක් කර ගත හැකිය.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරුසේයාරූ අන්තර්ජාලයෙන්

රසකිඳ [Rasakida] (Tinospora Cordifolia) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රසකිඳ [Rasakida] (Tinospora Cordifolia) රසකිඳ [Rasakida] (Tinospora Cordifolia) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment