Piranha Song Lyrics - පිරන්හ ගීතයේ පද පෙළ

Piranha Song Lyrics - පිරන්හ ගීතයේ පද පෙළ
Song Title : Piranha (පිරන්හ)
Singing : Zany Inzane ft. Tikz Kooda [2022]


නවතින්නෙ නෑ මං ඔයා ගාව
කෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාව
හොයන්නේ නෑ මාවා
ආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්
මේ අන්තිම පාර
මං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේම
මේ මෝඩ පොඩි කොල්ලෝ පූජා කරයි හැමදේම
ඔයා කපටිනම් මම ඒකේ උපරිම
ඒ හින්දා මේ සෙල්ලම දැන් සුපිරිම
ඔයාට ඕනේ මාව අන්දන්න
ඒත් ඊට කලින් මං බලන්නේ ඔයාව අන්දන්න
මේ මටත් ඕනේ අපෙ දේවල් ලෝකෙන් හන්ගන්න
මං කන්නේ තනියම ආස නෑ පොරකන්න
hey, ඒකිව වට කරලා සිබාලා
එක මැසේජ් එකෙන් හදලා උන් බබාලා
අන්තිමේදී උන්ගේ ඇඟේ තිබ්බ රෙදිත් නෑ
මේකී ඉන්නේ වන්නම් දහ අට නටාලා
සමහර කොල්ලො නවතින්නේ පරාලෙන්
පව් බලන්නත් කලින් මල ලිහාලා
මේ ගහේ ගෙඩි ශුවර් මචන් අවාරෙත්
හැබැයි බේරියන් අනිවා මේකී පිරානා

හැමදාම අපි සීතල කාමරේ
අපේ කතා තිබ්බේ රෑ නිදි අරනේ
ඒ හිතෙන් තවත් ඒ හීන අතරේ
යන්න වාරේ මට ඒ හීන අතරේ
කෙල්ලේ ආදරේ තිබුනේ මගේ
අතින් ඔයා මැව්ව හීන බිඳුනේ
කවදාවත් නෑ මං ආදරේ කෙරුවේ
කන්‍යාව මැරුවේ රෑ පුරාම සායමේ සායම් ඇදුනේ

නුඹේ කාල සටහනේ වැඩිම වෙලාව මට
හැබැයි හැමදේම කරන්නේ කලාවකට
අරන් යන්නේ මාව වෙනම දිශාවකට
මම කතෘ වෙන්නේ නෑ අහඹු කතාවකට
සීමා රහිතයි නුඹේ ඔය ඇස් වලින් උතුරද්දි රාගය
මගේ ආත්මේ බිලිගන්නේ නුඹේ රාගය
ඇයි බිඳින්නේ අද මගේ ධ්‍යානය
ආදරේක තේරුම නොදන්න ඔය හදවතින් මාව
තේරුම්ගනීද නුඹේ ආත්මය
නෑ ඒවා බොරු වියන් නොගැඹුරු
සාගරේක පිහිනන්න නුඹට නෑ අවදානම්
අපේ බැඳීමක් නෑ ආදරේ නොකරානම්
ගනුදෙනුවක් විතරයි කලේ කෙරුවානම්
අද ගැටලුවක් වෙන්නේ නෑ මේ කතාවේ
අපි එදිනෙදා ලියපුවා මැකුවානම්
ශුන්ගාරේ දලුලන්නේ ස්පර්ශය නොමැති
මේ ඵලයෙන්
නවතින්න බල කරනවා තරයෙන්
මම නැටවෙන්නේ නෑ ඔය පදයෙන්
නුඹ ඉවත් වෙන්න මගේ දර්ශන තලයෙන්

හැමදාම අපි සීතල කාමරේ
අපේ කතා තිබ්බේ රෑ නිදි අරනේ
ඒ හිතෙන් තවත් ඒ හීන අතරේ
යන්න වාරේ මට ඒ හීන අතරේ
කෙල්ලේ ආදරේ තිබුනේ මගේ
අතින් ඔයා මැව්ව හීන බිඳුනේ
කවදාවත් නෑ මං ආදරේ කෙරුවේ
කන්‍යාව මැරුවේ රෑ පුරාම සායමේ සායම් ඇදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piranha Song Lyrics - පිරන්හ ගීතයේ පද පෙළ Piranha Song Lyrics - පිරන්හ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2022 Rating: 5

0 comments:

Post a Comment