Minisun Nokana Dalla Song Lyrics - මිනිසුන් නොකනා දල්ල ගීතයේ පද පෙළ

Minisun Nokana Dalla Song Lyrics - මිනිසුන් නොකනා දල්ල ගීතයේ පද පෙළ
Song Title : Minisun Nokana Dalla (මිනිසුන් නොකනා දල්ල)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : වසන්ත කුමාර කොබවක
තනුව : රෝහණ වීරසිංහ


මිනිසුන් නොකනා දල්ල කුමක්දෝ
ගවයින් බුදිනා තණ පත් නේදෝ
ගව කිරි යදිනා කවුරුන් වේදෝ
ගව පැටවුන් නොව මිනිසුන් නේදෝ

කිරෙන් පිසූ දන් තුරු මුල වළඳා
බෝසත් හිමි බුදු වූවා නේදෝ
ගව ඔරුවේ තම තිඹිරි පැල සදා
කිතුනු සමිඳු ලොව දිනුවා නේදෝ

මෙහෙසුරු දෙවියනි මේ විංසතියේ
ගවයින් දෙව් පුද ලද යුතු නේදෝ
උන් වෙත දඹ රන් කිරුළක් නොපුදා
අං යුවලක් හිස පැළඳුවෙ ඇයිදෝ

උන් වෙත දඹ රන් කිරුළක් නොපුදා
අං යුවලක් හිස පැළඳුවෙ ඇයිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Minisun Nokana Dalla Song Lyrics - මිනිසුන් නොකනා දල්ල ගීතයේ පද පෙළ Minisun Nokana Dalla Song Lyrics - මිනිසුන් නොකනා දල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment