Katu Akule Mal Ahare Song Lyrics - කටු අකුලේ මල් ඇහැරේ ගීතයේ පද පෙළ

Katu Akule Mal Ahare Song Lyrics - කටු අකුලේ මල් ඇහැරේ ගීතයේ පද පෙළ
Song Title : Katu Akule Mal Ahare (කටු අකුලේ මල් ඇහැරේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ටිලානි අමරසිංහ සමග ළමා පිරිස
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආනන්ද ගමගේ


කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

ළමයින් සුවඳයි
කඳුළක දිළිසෙයි
අඳුරු විමානේ
රන් මිණි පහනයි

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ
හසරැළි උයනයි

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ තේමා ගීයයි.බන්දුල නානායක්කාරවසම් මහතා කියන්නේ, ගීතය ඉහත අයුරින් ලියැවුණත්, නාට්‍යයේ නාමාවලිය දිග හැරෙන කාලය මත, තිත් ඉරෙන් පහළ පද පේළිය ටෙලි නාට්‍යයෙන් ඉවත් කෙරුණු බවයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katu Akule Mal Ahare Song Lyrics - කටු අකුලේ මල් ඇහැරේ ගීතයේ පද පෙළ Katu Akule Mal Ahare Song Lyrics - කටු අකුලේ මල් ඇහැරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment